28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වූ...

ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු රැස්වීම් මාලාව සාර්ථකව අවසන් වෙයි.

ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු තෙදින රැස්වීම් මාලාව පසුගිය 30 වැනි දින සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගී විය.

පසු ගිය 28, 29 සහ 30 යන තෙදින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ මෙම පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක කමිටු රැස්වීම් මාලාවට අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය දූපත් සහ මධ්‍යධරණී ප්‍රදේශය, කැනඩාව, කැරිබියන් දූපත්, ඇමරිකාව සහ අත්ලාන්තික්, ඉන්දියාව, පැසිෆික් සහ අග්නිදිග ආසියාව යන කලාප නියෝජනය කරමින් සාමාජිකයෝ සහභාගී වූහ.

ඒ අනුව, ගරු. කථානායක මහින්ද යාපා අබේවර්ධන සැප්තැම්බර් 29 වැනිදා සැලසුම් සහ සමාලෝචන අනුකමිටුව සමඟ සාකච්ඡා කළ අතර එහිදී කමිටුවේ සාමාජිකයෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මූලස්ථාන ලේකම් කාර්යාල අනුකමිටුව මීට පෙර ගත් තීරණ ක්‍රියාවට නැංවීමට අදාළ කරුණු පිළිබඳව සොයා බැලූහ.

කලාපීය රටවල යහපාලනය ඇතුළු කාරණා ප්‍රවර්ධනය කිරීම සහ යහභාවිතාවන් හඳුනා ගැනීමත්  එය දිරි ගැන්වීමක් ලෙස ‘වසරේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්මානය’ පිරිනැමීමේ ‍යෝජනාව පිළිබදවත්  මෙම කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

තවද, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ආදි සාමාජික සංසදයක් පිහිටුවීම සඳහා  යෝජනාවක් ද මෙහිදී අනුකමිටුව වෙත ඉදිරිපත් විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා මේ පිළිබද සාමාජිකයන් දැනුවත් කළ අතර අත්දැකීම් බහුල උපදේශකයින්ගේ මඟ පෙන්වීම නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැදගත් බව පෙන්වා දෙමින්  අනුකමිටුව ඊට අනුමැතිය ලබා දුන්නේය.

මේ අතර 2022 වර්ෂය සදහා වූ වසර මැද විධායක කමිටු රැස්වීම්  ඉන්දියාවේ ඇසෑම්හීදී පැවැත්වීමට නියමිත අතර 65 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව 2022 අගෝස්තු 20 සිට 26 දක්වා කැනඩාවේ හැලිෆැක්ස් හිදී පැවැත්වීමට ද නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments