22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ පුරප්පාඩු සඳහා නාමයෝජනා කැදවීමට...

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ පුරප්පාඩු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී  පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රකාශකයන්ගේ සංගම්, කර්තෘවරුන් සහ ජනමාධ්‍යවේදීන් සහ අනෙකුත් සිවිල් සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව ද මහලේකම්වරයා  පැවසීය.

මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාර්ගගත ක්‍රමයට (Online) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

නාමයෝජනා කැඳවීම සදහා  භාෂා ත්‍රිත්වයෙන් සති අන්තයේ සහ සතියේ දිනවල පුවත්පත්  දැන්වීම් ප්‍රකාශයට පත් කිරීමට සහ එවැනි නාම යෝජනා ඉදිරිපත් කිරීමට සති 2 ක කාලයක් ලබා දීමටත් පාර්ලිමේන්තු සභාව මෙහිදී  තීරණය කොට ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments