22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අද දින විවාහ ගිවිසගැනීමට සිටි තරුණියටත් කොවිඩ්

අද දින විවාහ ගිවිසගැනීමට සිටි තරුණියටත් කොවිඩ්

මතුගම ප්‍රසිද්ධ පාසලක ස්ථාපිත කර ඇති විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

කෙසේ වෙතත්, ඇය පසුගිය 14 වනදා සිට සේවයට වාර්තා කර නොමැති අතර ඇය සමග සේවය කළ කාර්යමණ්ඩලය නිරෝධායනයට යොමුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය.

විභාග ශාලාව තුළ දුරස්ථභාවයට පවත්වාගෙන කටයුතු කිරීම හේතුවෙන් සිසුන්ට කොවිවිඩි අවධානමක් නොමැති බවද විභාග කොමසාරිස්වරයා පවසයි.

එමෙන්ම හෙට (19) දිනයේ සිට නව කාර්ය මණ්ඩලයක් යටතේ අදාළ විභාග මධ්‍යස්ථානයේ විභාගය පවත්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පෙර කොවිඩ් වෛරස ආසාදිතයෙකු හමු වූ මැරීන් ඩ්‍රයිව් හී එන්.ඩී.බී ශාඛාවේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි තවත් සේවකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී තිබේ.

අනතුරුව ඔවුන් සෘජු සම්බන්ධතා පැවැත් වූ නිවාස, රන් භාණ්ඩ අලෙවිසැලක්, සිල්ලර වෙළඳසැලක් තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මොවුන් පිලියන්දල ඇරැව්වල හා පැලැන්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මේ අතර, ගම්පොල, මීල්ලගහමුල, ගොනටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුතු කර පසුගිය තුන්වැනිදා මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවය.

අදාළ විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් තුන්නමකට ද මීට පෙර වෛසරය ආසාදන විය.
ඒ අනුව වෛරසය ආසදනය වූ පුද්ගලයාගේ ආශ්‍රිතයන් සිටින පවුල් 30 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මේ අතර කොළඹ නැව් තටාකාංගණයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 05 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ අද සිදුකෙරුනේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි නැව් තටාකාංගනයේ නිල නිවාස සංකීර්ණයේදීය.

ජාඇළ ප්‍රදේශයේ සිට කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගියෙකුට ද වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව ජාතික රෝහලේ 35 , 69 සහා 03 යන වාට්ටුවලට රෝගීන් ඇතුළත් කර ගැනීම සීමා කර ඇති බව වාර්තා වේ.

මීගමුව නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක රෙදිපිලි වෙළද සැලක හිමිකරුට හා ඇයගේ බිරිඳට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී ඇති බව අද (18) තහවුරු විය.

ඔවුන්ගේ පුත්‍රයාගේ විවාහ උත්සවය පසුගිය තුන් වැනිදා දිවුලපිටිය ප්‍රදේශයේදී පවත්වා ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

ඒ අනුව මෙම විවාහ උත්සවය සහභාගී වූ පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට (19)  දින සිදුකිරීමට නියමිතය.
අදාළ විවාහ උත්සවයටම සහභාගී වූ බවට සැකකෙරෙන මොරටුමුල්ල, කුසගිනිවත්ත ප්‍රදේශයේ කාන්තාවට පසුගිය 14 වනදා වෛරසය ආසාදනය වූ බවට තහවුරුවීමත් සමග එම ප්‍රදේශයේ ඇයත් සමග විවාහ උත්සවයට සහභාගී වූ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් තවත් 27 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී ඇතැයි අද පෙරවරුවේ තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මෙම තරුණිය අද දින විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි අයෙකු බවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments