රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 3 දෙනකු වාර්තා වීමත් සමග මේ වන විට පුද්ගලයන් 716 දෙනකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
එම කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන නිරෝධායනයට ලක් කළ පිරිස 184 ක් බවයි.
ඊට අමතරව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ කොරෝනා අවදානම් සහිත ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් 304 දෙනකු නිරෝධායනය වන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.