18.1 C
Sri Lanka
Saturday, January 3, 2026
Homeදේශීය පුවත්මාකඳුරේ මධුෂ් වෙඩි පහරකින් ජිවිතක්ෂයට (Video)

මාකඳුරේ මධුෂ් වෙඩි පහරකින් ජිවිතක්ෂයට (Video)

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සඟවා තිබු හෙරොයින් තොගයක් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් මාකදුරේ මධුෂ්වද කැටිව එම ස්ථානයට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙන අතර එහිදී ඊට මැදිවූ මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

පසුව සිදුකළ සෝදිසියකදී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් මිට දින කිහිපයකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු අතර එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් ද සොයා ගනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments