21.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පාර්ලිමේන්තුව ලබන සතියේ 21 සහ 22 රැස්වේ,පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ඔක්කෝබර්...

පාර්ලිමේන්තුව ලබන සතියේ 21 සහ 22 රැස්වේ,පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ඔක්කෝබර් 21 වැනිදා.

පාර්ලිමේන්තුව ලබන සතියේ 21 වැනි බ්‍රහස්පතින්දා  සහ 22 වැනි සිකුරාදා රැස්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගත් බවත් මහලේකම්වරයා පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම දෙදිනම පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

ඔක්තෝබර් 21 වන දින පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර  පෙ.ව 11.00 සිට ප.ව 3.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්)(සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 3.00 සිට ප.ව 6.00 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පොහොර භාවිතය සම්බන්ධ වර්තමාන ගැටලු පිළිබඳ  සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔක්තෝබර් 22 වැනි සිකුරාදා පෙ.ව 11.00 සිට පෙ.ව 12.00 දක්වා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ  නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතය.

අනතුරුව ප.ව 12.00 සිට ප.ව 5.30 දක්වා දිවා විවේකයකින් තොරව ආණ්ඩු පක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව 2021.03.10 සහ 2021.04.06 දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

මේ අතර ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව විසින් සිදුකළ ස්ථාවර නියෝග සඳහා යෝජිත සංශෝධන පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස සභාගත කිරීම  ද මෙහිදී සිදුවූ අතර ඉදිරියේදී මේ පිළිබද සාකච්ඡා කිරීමට එකඟ විය.

තවද චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ කාලය පෙ.ව 11.00 ට ද ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සදහා වෙන් කළ කාලය පෙ.ව 11.15 පමණ වන විට  අවසන් කිරීමේ  අවශ්‍යතාවය ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එසේම පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීමට ඇති හැකියාව පිළිබදව කාරක සභාවේදී  සාකච්ඡා වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය තවදුරටත් පහව ගිය විට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන ගැලරිය විවෘත කිරීම පිළිබඳ සළකා බැලීමට මෙහිදී තීරණය විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments