- මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ රජය සමයේ වී කිලෝවක් සඳහා ගොවීන්ට ලබා දුන්නේ රු. 36 ක මුදලක් බව එතුමාට අමතක වීම කණගාටුවට කරුණක් බවත් වර්තමානයේ රු. 50 ක සහතික මිලකට ගොවීන්ගෙන් වී ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කර ඇති බවයි. එවන් පසුබිමක සිට කෘෂිකර්මාන්තයට හානි කළේ වර්තමාන රජය බව ප්‍රකාශ කිරීම විහිළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආණ්ඩුපක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා මහතාශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදි ඒමහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,
“මම පෞද්ගලිකව මගේ දේශපාලන ඉතිහාසය ගත්තාම මම මගේ ආණ්ඩුවක් වුණත් කරන කරන හැම එකකටම එහෙයි කියලා කඩේ යන මිනිහෙක් නොවේ. 94 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව හදලා මාස 06 යන්න මත්තෙන් මතුවෙච්ච විදුලිබල අර්බුදය වේලාවේ අපි ඩලස්ලා, ජනක බණ්ඩාරලා එවකට චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ ඇතුලේ ඉඳලම පළමු කැරැල්ල ගැහුව්වේ ආණ්ඩුව වට්ටන්න නොවේ නමුත් ආණ්ඩුව නිවැරදි පීල්ලට ගේන්නයි උත්සහ කළේ. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හදපු ආණ්ඩුව අත්තනෝමතිකව ක්‍රියාකරමින්, හොරකම් කරමින් ගොවියාගේ බඩට ගහමින් රට පාවා දෙමින් කටයුතු කරන අවස්ථාවේදි ඒ ආණ්ඩුවෙන් එළියට බැහැලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ වෙනකොට සකළවිද සියලු යූ එන් පී විරෝධි බලවේග එකවේදිකාවට ගේන්න මුල පිරුවේ අපි 16 දෙනෙක් එළියට බැහැපු වේලාවේ. ඒ නිසා අපි එහෙම එකම පක්ෂයකහිටියා කියලා එක ආණ්ඩුවක හිටියා කියලා ඒ ආණ්ඩුවට ඒ විදිහට කඩේ යන උදවිය නොවේ.අද මේ ලෝකය මුහුණදිලා තිබෙන සෑබෑ තත්වය තේරුම් ගන්න.
ගොවියන්ට, ගුරුවරුන්ට, සෞඛ්‍ය නිලධාරීන්ට ප්‍රශ්න තිබෙනවා. හැබැයි සියලුම ප්‍රශ්නවලට එහායින් කොරෝනා තත්වය නේද ප්‍රශ්නය. ගොවියන්ට හොඳ මිලක් ඕන ගොවියන්ගේ නිෂ්පාදනවලට. නමුත් ඒ නිෂ්පාදනවලට හොඳ මිලක් තිබිලා වැඩක් තිබෙනවද ගොවියා කොරෝනා වලින් මැරැණොත්. ඒ නිසා කොරෝනා වසංගත තත්වය කියන එක සැලකිල්ලට ගන්න ඕන. කොරෝනා වසංගත තත්වයේදි මේ ආණ්ඩුව හරි පිල්ලේ ගියේ නැත්ද? මේ ආණ්ඩුව නිවැරදිව කළමණාකරනය කරපු නිසා තමයි අද ලෝකයේ දියුණු රටවල්වලට වඩා හොඳින් අපේ රටේ එන්නත්කරණය සිදු කරගෙන යන්නේ.
බඩු මිල ප්‍රශ්නයේ සමහර භාණ්ඩවල මිල උච්චාවචනය වීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව නොවේ මොන ආණ්ඩුව තිබ්බත් කරන්න දෙයක් නෑ. අපේ රට තාම තෙල් නිෂ්පාදනය කරන්නේ නෑ. තෙල් මිල ලෝක වෙළඳපොලේ ඉහළ පහළ යෑම මතයි අපේ රටේ තෙල් මිල නියම වෙන්නේ.
අලුතින් මේ ආණ්ඩුව පැමිණියාට පස්සේ යම් යම් ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් සමහර ඖෂධ මේ රටේ නිෂ්පාදනය කරන්න බෑ. ඒ අනුවයි ලෝකේ වෙළඳපොලට අනුවයි ඖෂධ මිල උච්චාවචනය වන්නේ.
ඊයේ පෙරේදාමෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියනවා කෘෂිකර්මාන්තයට වෙලා තිබෙන ප්‍රශ්නය නිසා පොළොන්නරුවට යන්නත් බැරිවෙයි කියලා. එතුමාගේ ආණ්ඩුව කාලයේ දී වී මිල රුපියල් 36 ගොවියාටය දුන්නේ. ඒ රුපියල් 36 මිල ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පැමිණිලා පැය 48 යන්න මත්තෙන් රුපියල් 50 ට ආණ්ඩුව මිලදි ගත්තා. ගමට යන්න බෑ කියලා කෑ ගහන මෛත්‍රිපාල උන්නෑහෙට මතක් කරන්න ඕන මේ ආණ්ඩුව හැදුවේ ගොවියාටයි.
අපේ රටේ ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ආකල්පමය ප්‍රශ්නයයි. අපි මේ ආණ්ඩුවට කඩේ යන්නේ මේ ආණ්ඩුව කරන හැම වැඩේම හරි නිසා නොවේ. නමුත් කොරෝනා වසංගත තත්වයක් තුළ සංසන්දනාත්මක බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යම් ආකල්පමය වෙනසක් කරමින් වැඩ කරන්න උත්සහ කරනවා. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි එතුමා කරන දේවල් කියන්නේ නෑ. ලෝකයේ නායකයෝ වර්ග කිහිපයක් සිටිනවා. සමහර නායකයෝ කියන වගේම කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එසේ නායකයෙක්ය. සමහර අය කියනවා විතරයි කරන මඟුලක් නෑ. සජිත් ප්‍රේමදාස කියවනවා කියවනවාජෝකර් කෙනෙක් වගේ කරන දෙයක් නෑ. ඊලඟට තව පිරිසක් සිටිනවා කිසි දෙයක් කරන අයට කරන්න දෙන්නේම නෑ. ඒ අනුර කුමාරලා වගේ පිරිසයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔය කියන වර්ග 03 ම නැති කෙනෙක්. එතුමා වැඩ කරනවා කියන්නේ නෑ.ඒ නිසා මිත්‍රවරුනි මේ රටට අවශ්‍ය වන්නේ ආකල්පයම වෙනසක්ය. ඒ ආකල්පම වෙනස මෙවර අයවැයේදි බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන යනවා. මෙවර අයවැය යෝජනාවට පෙර ගමේ කමිටුවලින් යෝජනා ගෙන අයවැයෙන් මුදල් වෙන් කරනවා. එසේම ලංකාවේ ප්‍රථමවතාවට පක්ෂ පාඨභේදයකින් තොරව ගිය පළාත් පාලනමැතිවරණය ජයග්‍රහණය කරපු, ජනතාව පත්කරපු කෙනොට ආණ්ඩුව පක්ෂ භේදයකින් තොරව ගමේ සංවර්ධනය සඳහා මුදල් වෙන්කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආකල්පමය වෙනසක් කරන්න විශාල මෙහෙයක් කරනවා කියන්නේ නැතිව. ”
මෙහිදි සඳහන් කළාය.