22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorized"සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”- අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි...

“සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”- අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි –

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ

උපන් දිනය දා උපන් ගමේ දී ඉල්ලයි.

අදට යෙදී ඇති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය

නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම

හා කෞතුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාව, එම ගමේ ම ජන්මලාභය ලද, ශ්‍යාමෝපාලි

වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක

ආචාරය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන්ගේ අනුශාසකතවයෙන්, අධ්‍යාපන

අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-10-13 දින ලූල්බද්දුවදී සිදුවිය.

එහිදී අදහස් දැක්වූ ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි,

“මම ඉතා ම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම

ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලුම දරුවන්ට

ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබා දීම. එබැවින් මේ මොහොතේ

මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ

හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් දේ

ඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට

උගන්වන්න. මේ කාර්යය ඉතා ඉක්මණින් සම්පූර්ණ කරගන්න අප කාටත් අවස්ථාව ලැබෙනවා

ඇති. මෙවර මේ කටයුත්තට මුල් වෙලා තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. බොරළුගොඩ

සිංහයාගේ දරුවෝ වැඩක් අතගැහුවොත් ඒ වැඩේ ස්ථිර වශයෙන්ම කරනවා.”

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“අචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන් අනුස්මරණ කෞතුගාගාරයක් ඉදිකිරීම සම්බන්ධ

ව ඉල්ලීමක් ඉදිරිපත් වුණා. එමෙන් ම විශ්වවිද්‍යාල තත්ත්වයක් මේ ප්‍රදේශයට ද ලබාදීමට

අනුස්මරණ සංගමය ඉදිරිපත් කළ යෝජනාව අපි අගය කරනවා.

අගමැතිතුමා කැඳවූ සියලු ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරුනු විසඳුමට

තවත් ශක්තියක් එකතු කරමින් ගුරු විදුහල්පති හිග වැටුප් පළමු අදියර මෙවර අය වැයෙන්

ලබාදීමටත් ඊළඟ වසරේ අය වැයෙන් එම හිගයන් සම්පූර්ණ කිරීමටත් තීරණය කළා. අපේ යුතුකම

දරුවන්ට අධ්‍යාපනය ලබාදීම යි. මේ දුෂ්කර අවස්ථාවේ ගත් වැදගත් තීරණයක් ඒක. අය වැයෙන්

මේ පිළිබඳ විස්තර ඉදිරිපත් කෙරෙනවා. ගුරුවරුන්ගේ අයිතිවාසිකම් රැකීමට අතිගරු ජන

මාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ඒ වෙනුවෙන් කැපවී තිබෙනවා. ඔවුන්ගේ අනාගත දියුණුවට

අගමැතිතුමා ඉතා වැදගත් ප්‍රතිඥාවක් දුන්නා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා දරුවන් වෙනුවෙන්

අපේ වගකීම ඉටු කරමු.”

රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තුවේ අධ්‍යාපන

උපදේශක කාරක සභිකයින් වන සදාමිණී ගුණවර්ධන, අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව

එදිරිමාන්න ඇතුළු පළාතේ මහජන නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්වූහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments