21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් දෙකක් එකවර ලබාදෙන්නේ නම් ඒ...

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් දෙකක් එකවර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

වර්ජනයේ නිරත විදුහල්පති සංගම් පවසන්නේ එලඹෙන 21 වැනිදා වනවිට ගැටලුවට විසඳුමක් ලබා නොදෙන්නේ නම් තමන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් නොයන බවය.

අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් තුනෙන් දෙකක් 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කෙරුණද වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති සංගම් ඊට එකඟ නොවීය. (14) පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ,  

“ගුරු සේවයේ 3 (II) ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 1,250ක්. අරගලය රුපියල් 1,250ක් වෙනුවෙන්ද කියලා හිතයි. පාසල් පැවැත්වුණේ නැති නිසා වියදම් නැහැ. ඒ නිසා විශාල මුදලක් ඉතිරිවෙලා තියෙනවා. අය නොකළ බදු ආදායම මිලියන 6000ක්. ලක් සතොසෙ පාඩුව කෝටි 170. නෙ‍ළුම් කුලුනෙන් අහිමිවන ආදායම මිලියන 5,475ක්. දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට ලක්ෂ 1,200ක්. ගුරුවරුන්ට වැටුප් වැඩිකරන්න ආණ්ඩුවට සල්ලි නැහැ. සුබෝධනි වාර්තාවට අනුව බිලියන 71ක් යනවා. බිලියන 30ක ඇමති අනුකමිටුවේ යෝජනාව අපි ඉල්ලුවා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස. 21 වැනිදාට පෙර විසඳුමක් නොදුන්නොත් 21 පාසල් ගමන ගැන තීරණයක් ගන්න වෙනවා.” 

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “තුනෙන් දෙකක් 2022 ට ඇවිත් තුනෙන් එකක් 2023 ට ගියොත් එකඟ වෙනවාද?”

එහිදී, “යෝජනාවක් ආවොත් තීරණයක් ගන්න පුළුවන්,” යනුවෙන් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.
 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments