26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා ආසාදනය වෙයි

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා ආසාදනය වෙයි

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමත් සමග කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් නිරෝධයනයට යොමු කොට ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 දෙනෙකු අද වාර්තා වුණා. මෙම ආසාදිතයින් පිරිස කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකක සේවය කරනු ලබන පිරිස් වේ.

ඒ අනුව කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවන් ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 259ක් දක්වා ඉහළ ගොස් ඇත. 

කටුනායක NEXT ඇගළුම් කම්හලේ සේවකයින් 209ක් සහ Chiefway කම්හලේ සේවකයින් 50 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments