26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
HomeUncategorizedරුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට පැමිණෙයි.

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණයක් කොළඹ වරායට පැමිණෙයි.

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274  යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනයක් (16) ‍ කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

සැපයුම් අවශ්‍යතා සඳහා කොළඹ වරායට සේන්දු වූ මෙම බලඝණයෙහි ‘Gremyashchiy’ නෞකාව දිගින් මීටර 107ක් වන Corvette වර්ගයේ යුද නෞකාවක් වන අතර, ‘B – 603’ සහ ‘B – 274’  සබ්මැරීන දිගින් මීටර 73කින් යුක්ත වේ. අද (2021 ඔක්තෝබර් 16) දහවල් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ වරායේ මඟී පර්යන්තයේදී මෙම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය නිරීක්‍ෂණය සඳහා සහභාගී විය. එහිදී නාවික හමුදාධිපති හා එම නෞකා බලඝණයේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් අණදෙන නිලධාරීන් අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.  

තවද, මෙම බලඝණයට අයත් නැව් මුළුව 2021 ඔක්තෝබර් 17 වන දින කොළඹ නගරයේ ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතව ඇති අතර, 2021 ඔක්තෝබර් 18 වන දින බටහිර නාවික විධානයේ ආඥාපති සමඟ මෙම බලඝණයේ අණදෙන නිලධාරී සහ අනෙකුත් අණදෙන නිලධාරීන් නිළ හමුවක් සිදු කිරීමටද නියමිතව ඇත.

කොළඹ වරායට සේන්දු වූ මෙම රුසියානු ශාන්තිකර නෞකා සමූහයට අයත් නෞකා බලඝණය හා සම්බන්ධ සියළු කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට නියමිතව ඇති අතර, මෙම බලඝණය 2021 ඔක්තෝබර් මස 18 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments