21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති.

242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 324 දෙනෙක් විසිර යති.

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 242 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් සහ ආධුනික කාන්තා නාවිකයින් 324 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට අද (2021 ඔක්තෝබර් 16) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින්  සිදු කෙරිණි.

ඒ අනුව, 242 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය  ආධුනික නැවි ටීඒඑන් නිම්නජිත් හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි යූකේසී අකලංක හිමිකර ගන්නා ලදී. තවද, ආධුනික නැවි බීඑම්ටීඑම් කුමාර හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි ඩබ්එම්ඒඩී බංඩාර විසින් ද දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්ජීඑන්එස් අමරසිංහ විසින්ද හිමි කර ගන්නා ලදී. එම ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘සයුර’ අංශය විසින් හිමි කර ගැනීමට සමත්වන ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් වරුණ ෆර්ඩිනැන්ඩස් ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගීවී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments