21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමෝටර් රථ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ජාවාරමක් ඇතුළු තවත්...

මෝටර් රථ අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ජාවාරමක් ඇතුළු තවත් නීති විරෝධි ජාවාරම් එස්.ටි.එෆ්. සොයාගනී.

නවීන මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු වාහනවලට සවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වෙයි.

එම වැටලිමේදි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස්හයක හා තිස් නවයක දෙදනකු සමග බොලෙරෝ රථයක්,ලැප්ටෝප් එකක්,වර්ණ මුද්‍රණ යන්ත්‍රයක්, 16GB පෙන් එකක්,4GB පෙන් එකක්,ව්‍යාජ අංක පුවරු දෙකක්,සීල් එකක්, (RIO GRAPHIC DIGITAL PRINTING),රාජ්‍ය ලාංචනය සහිත ස්ටිකර් එකසිය පනස් තුනක්,MDT ලෙස සඳහන් ස්ටිකර් කාඩ්පත් එකක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරී කණ්ඩායමක් (19) පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන මොටර් රථ සදහා මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමාන ලෙස සකසන ව්‍යාජ අංක තහඩු වාහන වලට සවි කිරීමේ මෙම ජාවාරම වැටලීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර විශේෂ කාර්ය බලකාය මෙහෙයුම් ඒකකය 11හී නිලධාරී කණ්ඩායමක් පන්නල පොලිස් වසමේ නීති විරෝධිව ෂොට්ගන් වර්ගයේ ගිණි අවියක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වාරියපොළ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් හැටදහක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කරුවලගස්වැව පොලිස් වසමේ නීති විරෝධිව දැව ඉරුම් බංකුවක් භාවිතා කරමින් කොහොඹ වර්ගයේ දැව ඉරමින් සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පේදුරුතුඩුව පොලිස් වසමේ මරදණ්කේතී යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරියකු ලබාදුන් තොරතුරකට මරදණ්කේති මාර්ගයේ කුඩා ඉරිප්පු බස් නැවතුම්පොළ අසලදී සැකකුරුවකු නොමැතිව කේරළ ගංජා කිලෝ දෙකයි, ග්‍රෑම් තුන්සීයක් අත්අඩංගුවට ගෙන ඇත. සෙට්ටිකුම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මැදවච්චිය පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ලීටර් 24000ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වාකරේ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් විසිපන්දහසක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ආරුගම්බේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ බලපත්‍ර රහිතව කිරිමුට්ටිආර ඇළ තුලට ට්‍රැක්ටර් රථය බස්සවා වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු ට්‍රැක්ටර් රථය සමග අත් අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මාවනැල්ල පොලිස් වසමේ බලපත්‍ර රහිතව ගං ඉවුරට හානිවන පරිදි වැලි කැණීම් කිරීම හා ප්‍රවහනය සඳහා වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් වැලිකඩ පොලිස් වසමේ නීති විරෝධිව කේරළ ගංජා ග්‍රෑම් පහක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන් කණ්ඩායමක් මිනුවන්ගොඩ පොලිස් වසමේ නීති විරෝධිව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු රජයේ අවවාදය රහිත ඩන්හිල් වර්ගයේ විදේශීය දුම්වැටි දෙසිය හතළියක් සමග අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මිණුවන්ගොඩ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 33,750ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් බුත්තල පොලිස් වසමේ බලපත්‍ර රහිතව විවිධ ප්‍රමාණයේ දමුණු හා හල්මිල්ල දැව කඳන් මහෙන්ද්‍රා, වර්ගයේ කැබ්රථයකින් ප්‍රවහනය කරමින් සිටි අයකු එම කැබ් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළ පැලැස්ස කඳවුරේ නිලධාරි කණ්ඩායමක් රැඳවියෝ හා කාර්ය මණ්ඬලය පරීක්ෂා කරනු ලබන ස්ථානයේදී රැඳවියකු පරික්ෂා කිරීමේදි ඇඳ සිටි කොට කලිසමේ පිටුපස දකුණු සාක්කුවේ ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි හච් වර්ගයේ මයිකෝ සිම්පතක් අත්අඩංගුවට ගෙන ඇත. අක්මීමන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අක්මීමන පොලිස් වසමේ නීති විරෝධිව මත්පැන් මිලි ලීටර් හත්දහස් පන්සීයක් ළඟ තබාගෙන සිටි අයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments