22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය.

ලංකාගම ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව කළමනාකරණය කිරීමට අවධානය.

ලංකාගම ප්‍රදේශයට දේශීය වශයෙන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වන විට ඇදී එන බවත් එය නිවැරදිව කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වැදගත් වන බවත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් දේශීය සංචාරකයින් ලංකාගම ප්‍රදේශය නැරඹීමට පැමිණ ඇති බවයි. මේ නිසා ඉදිරියේදී විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇදී ඒමට අවස්ථාව ඇති බැවින් මෙසේ පැමිණෙන සංචාරකයින් නිවැරදිව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

එසේම සිංහරාජ වනාන්තරය නැරඔීමට යන විදේශීය සංචාරකයින් ලංකාගම ප්‍රවේශය භාවිත කළ හැකි ආකාරයෙන් අන්තර්ජාල (Google Map) තොරතුරු යාවත්කාලීන විය යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. මේ අනුව ඉක්මනින් මේ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. 

තවද මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක කටයුතු වර්ධනය කිරීම සඳහා මහනුවර නගරයේ කේබල් කාර් ව්‍යාපෘතියක් සකස් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරුණි.

මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ, නිපුන රණවක, සම්පත් අතුකෝරල, ගුණතිලක රාජපක්ෂ, වරුණ ලියනගේ, ගීතා කුමාරසිංහ, එස්. එම්. එම්. මුෂාරෆ්, ඩයනා ගමගේ, අමරකීර්ති අතුකෝරල, ජේ. සී. අලවතුවල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments