විශේෂ කාර්ය බලකා නිලධාරීන් මහා පරිමාණයෙන් කේරළ ගංජා තොග වශයෙන් ළඟ තබාගත් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහි දී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු සහ ඒ සඳහා අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආදුරුප්පු වීදිය, කුට්ටිගල සහ මිහිජය සෙවන පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.මෙම පුද්ගලයින් වයස අවුරුදු 33, 40, 46, 49 කාණ්ඩ වල පසුවෙති.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා කිලෝ නවයයි, ග්‍රෑම් එකසිය හැත්තෑදෙකයි. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකවේ.
මෙම සියලු වැටලීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරේ.
විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුරු බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව
ගෝනහේන, අම්බලන්තොට, බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය, අම්බලන්තොට කඳවුරේ පොලිස් පරීක්ෂක ගයාන් පෙරේරා, බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායම් (22) ආදුරුප්පු වීදිය පොලිස් වසමේ අංක 142/35/වී, ජින්තුපිටිය, ආදුරුප්පු වීදිය ලිපිනයේ දී, කුට්ටිගල පොලිස් වසමේ අංක 1692, උළු කම්හල අසල, කුට්ටිගල, පදලංගල ප්‍රදේශයේ දී සහ මිහිජය සෙවන පොලිස් වසමේ මෝදර, හේනමුල්ල මහල් නිවාස ඉදිරිපිට දී මෙම වැටලීම් සිදුකර ඇත.
මේ අතර විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් ජාඇළ පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් වැලිකඩ පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 1හී නිලධාරී කණ්ඩායමක් කෙසෙල්වත්ත පොලිස් වසමේ නීතී විරෝධි ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලැබු මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය දුම්වැටි එකසියඅසුවක් සමග අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පූගොඩ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරීන් තවත් වැටලීමක් සිදුකර එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම විදේශයන් සිට අදාල තීරුබදු නොගෙවා මෙරට ගෙනා Manchester වර්ගයේ දුම්වැටි හාරසීයක් සමග අයකු අත්අඩංගුවට ගැනීමට කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකයේ 11හී නිලධාරී කණ්ඩායමක් කඩවත පොලිස් වසමේදී සමත්වී තිබේ. මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් දුන්ගාල්පිටිය පොලිස් වසමේ නීති විරෝධිව තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ඇති Manchester වර්ගයේ දුම්වැටි ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මොනරාගල පොලිස් වසමේ නීති විරෝධි ලෙස වියළි ගංජා ළඟ තබාගෙන සිටි අයකු පර්චස් එකක පමණ භූමි ප්‍රමාණයක ගංජා හේනක් වගා කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම අම්බලන්තොට කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කිතුල්ගල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් හා මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරී පිරිසක් හුංගම පොලිස් වසමේ තහනම් වල් නාශකයක්වන ග්ලයිෆෝසේට් අලෙවිය සඳහා කටයුතු යොදා තිබෙද්දි සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කන්තලේ කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම් හතරක් සිදුකර සාම්පූර් පොලිස් වසමේ බලපත්‍ර රහිතව කළුගල් කැණීම් සිදුකරමින් හා කළුගල් මිලදි ගනිමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අරන්තලාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කරදියනාරු පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන ලැබු වැලි ගබඩාවක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වාරියපොළ පොලිස් වසමේ බලපත්‍ර රහිතව ස්කැවේටර් යන්ත්‍රයක් මගින් බොරළු පස් කැණීම් කර ප්‍රවහනයට සූදානම් කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පුවරසන්කූලම් කඳවුරේ නිලධාරි පිරිසක් විසින් පුවරසන්කූලම් පොලිස් වසමේ බලපත්‍ර රහිතව අනවසරයෙන් කපා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබු විවිධ ප්‍රමාණයේ බුරුත හා පළු දැව සමග අයක් අත්අඩංගුවට ගෙන තිබේ.