22.5 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කොවිඩ් වසංගතය හේතුවෙන් නැවති තිබු මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු...

කොවිඩ් වසංගතය හේතුවෙන් නැවති තිබු මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා.ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

 

 

කොවිඩ් වසංගත තත්ත්වය  මත පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මාස තුනක පමණ කාලක් මගී දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටවු බවත්,නැවතත් එම සේවාවන් ,බස්නාහිර පළාතතුල (25)  සිට නැවත ආරම්භ කෙරෙන බව  ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ “අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී, බස්නාහිර පළාත තුල (25) වනදා සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට තීරණය වු බවත්,නොවැම්බර් මස පලමුවනදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවයි.

ඔක්තෝම්බර් 25 දින සිට බස්නාහිර පළාතතුල දුම්රිය ධාවන කටයුතු ආරම්භය සිදුවුවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් එම දුම්රිය වල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරිය පැවසීය.ඊට අමතරව දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිකිරීමටද කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.”

ඒ අනුව දුම්රිය එන්ජින් 70ක්, මැදිරි 500ක්, සහ බලවේග කට්ටල 65ක් පමණ සියලු සේවා කටයුතු නිමකොට ධාවනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම දිවයිනපුරා පිහිටි දුම්රිය මාර්ග පද්ධතිය සහ සංඥා පද්ධතීන්ද දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකසා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසින් සහතික කර ඇති බවද,දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් ,මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට ද  දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව දුම්රිය සේවා පරිහරණය කරනු ලබන මගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව 

ජනතාවගේ ඉල්ලා සිටි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments