29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL, නවීනතමතාක්ෂණයෙන්යුත්නවMobitelප්‍රධානකාර්යාලයේඉදිකිරීම්අරඹයි.

SLT-MOBITEL, නවීනතමතාක්ෂණයෙන්යුත්නවMobitelප්‍රධානකාර්යාලයේඉදිකිරීම්අරඹයි.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitelප්‍රධාන කාර්යාලයට (21) මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතවඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත.

මෙමගොඩනැගිල්ලනිමකිරීමෙන්පසුනගරයේවිසිරීඇතිසියලුමොබිටෙල්මෙහෙයුම්කාර්යාලඑකමවහලක්යටතටගෙනඑනුලබනඅතරඑමඟින්සැලකියයුතුමුල්‍යමයප්‍රතිලාභහිමිවනුඇත. තවද, ගොඩනැගිල්ලේඑක්මහලක්පර්යේෂණසහසංවර්ධනකටයුතුසදහාමෙන්මතාක්‍ෂණිකනවෝත්පාදනඋදෙසාවෙන්කරනුලබයි.

මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එහි සමූහ ප්‍රධානවිධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, Mobitelප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකරසහMobitelප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුවSLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ.

අක්කර 7 ක භූමි ප්‍රදේශයකඉදිවනමෙමනවMobitelකාර්යාලය, නවීනතමගෘහනිර්මාණශිල්පීයප්‍රවණතාඅනුවසැලසුම්කළ,වර්ග අඩි 175,000 කඅලංකාර ගොඩනැගිල්ලකි. SLT-MOBITEL හි ‘Smart Office’ සංකල්පය අනුව, බලශක්ති භාවිතය අතින් බෙහෙවින් කාර්යක්ෂම සහ තිරසාර බව හා ඵලදායීත්වයට මුල්තැන හිමිවනගොඩනැගිල්ලක් ලෙස මෙයඉදිකෙරේ. එමෙන්ම නවීන ලෝකයට ගැළපෙන පරිදි, කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යයට හා යහපැවැත්මට මුල්තැන දෙමින්, COVID-19 හේතුවෙන් අනුගත වීමට සිදුවූ නව ජීවන හා කාර්යාලයීය රටාවන්ට අනුකූලව රාජකාරි කළ හැකි පරිදි මෙය සැලසුම් කර ඇත. මෙම නව ගොඩනැගිල්ල NB IOT, AI, සහBig Data 5G වැනි නවීන තක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා  SLT-MOBITEL දරන උත්සාහයට ඉමහත් පිටිවහලක් වනු නොඅනුමාන ය.

තවත් වැදගත් කරුණක් වන්නේ මෙම නව ගොඩනැගිල්ල ‘energy-positive’ ගොඩනැගිල්ලක් ලෙස සැලසුම් කර තිබීම ය. ඒ ඔස්සේ එම ගොඩනැගිල්ල නොකඩවාපිරිසිදු හා පුනර්ජනනීය බලශක්තිය ජනනය කරනු ඇතිඅතර,SLT-MOBITEL සමූහයේ ප්‍රථම හරිත ගොඩනැගිල්ල වශයෙන් මෙයට ඉදිරියේදී Green Building Council of Sri Lanka (GBCSL) වෙතින් Platinum Green ශ්‍රේණිගත කිරීම හිමිවනු ඇති බවට SLT-MOBITEL විශ්වාසය පළකරයි.

නව ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී තිරසාරත්වයට මෙන්ම නවීන ‘සුහුරු’ (Smart) විශේෂාංග සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර, එය ඉදිකිරීමේදී බලශක්තිය පිරිමසින ආලෝකකරණ පද්ධති, බලශක්ති ජනන පද්ධති,කාර්යක්ෂමවායු සමීකරණ පද්ධති, වැසි ජලය රඳවා ගැනීමේ පද්ධති, අපවහනජලය පවිත්‍ර කිරීමේ පද්ධති,  සහබලශක්තියපිරිමසිනවීදුරු හා විදුලි උපාංග වැනි බොහෝ දේ භාවිතා වනු ඇත.

මෙහි ඉදිකිරීම් වල පළමු අදියර යටතේ වර්ග අඩි 100,000 ක ප්‍රමාණයකඉදිකිරීම් සිදුකිරීමට නියමිත ය. ආයතනයේ කටයුතු වල කාර්යක්ෂමතාව, ඵලදායීතාව හා නවෝත්පාදන හැකියාව වැඩිදියුණු වන පරිදි, කාර්ය මණ්ඩලයට වඩාත් විධිමත්ලෙස එකිනෙකා සමග සම්බන්ධවීකටයුතුකළ හැකි ආකාරයට මෙය සැලසුම් කෙරෙනු ඇත. මෙහි මීළඟ අදියර යටතේ විශේෂඅමුත්තන් පිළිගැනීමේ පරිශ්‍රයක්, නවීන ආපනශාලාවක්, ක්ලබ්හවුස් ගොඩනැගිල්ලක්මෙන්ම පිහිනුම් තටාකයක්, ක්‍රීඩා පහසුකම්, නේවාසික ගොඩනැගිලි, උද්‍යාන සහ මාර්ග පද්ධතියක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments