28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්චිත්‍රපට නිෂ්පාදකයා, සිනමාශාලා හිමියා හා ප්‍රේක්ෂකයා රැකගැනීම සඳහා යෝජනාවලියක්.

චිත්‍රපට නිෂ්පාදකයා, සිනමාශාලා හිමියා හා ප්‍රේක්ෂකයා රැකගැනීම සඳහා යෝජනාවලියක්.

චිත්‍රපට නිෂ්පාදකයා, සිනමාශාලා හිමියා හා ප්‍රේක්ෂකයා රැකගැනීම සඳහා යෝජනාවලියක් සංස්කෘතික අමාත්‍යාංශයටත්, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවටත් ලබන (25) භාර දෙන බව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ බී. රැකව මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා වැඩිදුරටත් ‘දිනමිණ‘ වෙත අදහස් දක්වමින් මෙසේද කීවේය…… චිත්‍රපට පෝලිමක් තිබෙනවා කියන්නේ සමහර චිත්‍රපටි සම්පූර්ණයෙන් අවසන්වී නැහැ, ඇතැම් ඒවා නිෂ්පාදකයා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කරන ඒවා තිබෙනවා. ඇතැම් ඒවා රැඟුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් නොවුණු චිත්‍රපට තිබෙනවා. එවැනි විවිධ ගැටලු තිබෙන චිත්‍රපට එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.

මෙයින් 25%ක් පමණ චිත්‍රපට තමයි ප්‍රදර්ශනයට සූදානම්ව තිබෙන්නේ. බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් ප්‍රදර්ශක මණ්ඬලවලින් ප්‍රතික්ෂේප කරපු ඒවා. එසේ ප්‍රතික්ෂේපවු චිත්‍රපට සංස්ථා මණ්ඬලයේ ප්‍රදර්ශනය කරන්න කියලා බලකරනවා. මේ චිත්‍රපට පෝලිම සෑදිලා තිබෙන්නේ මෙවැනි නොයෙකුත් හේතු නිසයි. දුර්වල නිර්මාණ සහිත චිත්‍රපට වෙනුවෙන් අපි යම් විසඳුමකුත් ඉදිරිපත් කර තිබෙනවා. සමහර චිත්‍රපට කොහොමවත්ම පෙන්වන්න බැරි දුර්වල තත්ත්වයේ ඒවා තිබෙනවා.

සිනමාශාලා හිමියන්ට දෛනික පිරිවැයක් තිබෙනවා. ඒ නිසා සිනමාපටයක් තිරගත කිරීමේදී අපිට සෑම පැත්තක්ම බලන්න සිදුවෙලා. අද අපි සිටින්නේ ඉතා අධිතාක්ෂණික යුගයක බව මේ පිරිස දැනගත යුතුයි.

ප්‍රදර්ශනයට සූදානම්ව තිබෙන 25%ක්වු චිත්‍රපටවල නිර්මාණ කරුවන්ද තම ප්‍රදර්ශනය කිරීමේදී යම් මැලි කමක් දක්වනවා ඒ අයට තම නිර්මාණය ගැන විශ්වාසයක් නැහැ. එසේ කරමින් අනෙක් අයට දොස් කියමින් සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments