24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ජනාධිපතිවරයාගේ වෙනස රට විනාශකාරීත්වය වෙත රැගෙන යනවා.ජ.වි.පෙ.නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයාගේ වෙනස රට විනාශකාරීත්වය වෙත රැගෙන යනවා.ජ.වි.පෙ.නායක අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා ප්‍රකාශ කර

තිබෙනවා ඔහු බලය ගත්තේ

වෙනසක් සඳහා කියලා. යහපත

සඳහා වෙනස්කම් කළ හැකියි. ඒ

වගේම විනාශයක් සඳහා වෙනසක්

කළ හැකියි. ජනාධිපතිවරයා

කරමින් තිබෙන වෙනස

විනාශකාරිත්වයක් සඳහායි. එහි

විශාලතම බලපෑම විනාශකාරීම

ප්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ

කෘෂිකර්මාන්තයට, ගොවි

ජනතාවට සහ රටේ ආහාර

සුරක්ෂිතභාවයටයි. පහුගිය අප්‍රේල්

28වෙනිදා කැබිනට් මණ්ඩලය

විසින් තීරණය කළා රසායනික

යෙදවුම් නතර කරන්න. මැයි

මාසයේ 06වෙනිදා ගැසට් පත්‍රයක්

නිකුත් කළත් කිසිදු වැඩපිළිවෙළක්

සැලැස්මක් ඇතිවිය හැකි විනාශය

ගැන කිසිදු සොයාබැලීමක් නොකර

තමයි මේ තීන්දු ගත්තේ. ඒ නිසා

ගොවියෝ ගොවිතැන

අත්හැරදමලා. පහුගිය දිනවල

ගොවි ජනපද වල කන්න රැස්වීම්

කළහකාරී තත්වයන් ඇති වුනා.

ගොවියෝ දහස් ගණනක් මෙම

ප්‍රශ්නය කේන්ද්‍රකරගෙන

උද්ඝෝෂණ කරමින් ඉන්නවා.

ආණ්ඩුව මේ තීරණය ගන්නකොට

කිව්වේ රටට අවශ්‍ය කාබනික

පොහොර රටතුළ නිෂ්පාදනය

කරනවා කියලයි. මැයි මාසයේ

තීරණය කරලා ඔක්තෝබර් වන

විට 100%ක් කාබනික වගාවන්

සඳහා පොහොර දෙනවා

කියන්නේම අසාර්ථක උත්සහයක්.

මොකද රසායනික යෙදවුම්වල සිට

කාබනික යෙදවුම් දක්වා වෙනස්

වීමේදී සැලකිය යුතු කාලයක් ගත

වෙනවා. එය එක කන්නයකින්

කරන්න පුළුවන් දෙයක් නෙවෙයි

කියලා අපි නිතරම කිව්වා. ඒ අතර

රට තුළ කාබනික පොහොර

නිෂ්පාදනය මුළුමනින්ම අවුල්

ජාලාවක් බවට පත්වුනා. මිලදී ගත්

කාබනික පොහොරවල අවශ්‍ය

පෝෂ්‍ය පදාර්ථ අඩංගු නැති බවත්

ගල්කැට, පස් අඩංගු බවත්

ගොවියෝ මැසිවිලි නගනවා.

ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා

කාබනික පොහොර ආනයනය

කරන්න. රටට කාබනික පොහොර

ආනයනය කිරීම තුළින් විනාශකාරී

ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ

ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන්

පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව

සියල්ල වෙනස් කර ප්‍රමිති

ආයතනයට කාබනික පොහොර

ආනයනය සඳහා ප්‍රමිතියක් සකස්

කරන ලෙස උපදෙස් දුන්නා. ඒ

අනුව තමයි පහුගියදා මෙ.ටො.

96,000ක් ආනයනය කිරීම සඳහා

චීනයේ කින්ඩාවෝ සමාගමට

ඇණවුමක් බාරදුන්නේ.

අපේ රට දූපතක්. ඒ නිසා අපේ රටට

ආක්‍රමණකාරී ශාඛ සහ සතුන්

ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ

වෙනුවෙන් 1999 සංශෝධනය

කරන ලද ශාඛ නිරෝධායන පනත

තිබෙනවා. ශාඛ නිරෝධායන

ආයතන මගින් චීනයෙන්

ගෙන්වීමට තිබූ කාබනික පොහොර

තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර

ජීවීන් සිටින බැවින් ආනයනය

නතර කළා. නමුත් අමාත්‍යවරයා

පෙනී සිටියේ තමන්ගේ දැනුම

ඥාණය භාවිතා කර පරීක්ෂණ

සිදුකළ ආයතනය හෝ නිලධාරීන්

වෙනුවෙන් නොව චීන සමාගම

වෙනුවෙන්. සාම්පල පරීක්ෂාවටත්

පෙර නැව චීනයෙන් පිටත් වුනා.

ඉන්පසුව නැව ආපසු හැරවූ බව

ආන්දෝලනයකට ලක්වුනා. නමුත්

ඔක්තෝබර් 22 කින්ඩාවෝ

සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ

ජෙනරාල්වරයා වෙත, ජනාධිපති

ලේකම්, අගමැති ලේකම්,

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්,

චීනයේ සහ ශ්‍රී ලංකාවේ

තානාපතිවරුන්ට ඇතුළු

කණ්ඩායමකට ලිපියක් යොමුකර

කියනවා කොළඹ වරායට

22වෙනිදා වනවිට නැව

ළඟාවෙනවා කියලා. මෙය

බලහත්කාරී කඩාපැනීමක්. අපේ

රටට භාණ්ඩ ආනයනය තීරණය

කරන්නේ අපේ රටේ බලාධිකාරිය.

චීන සමාගමට එය තීරණය කරන්න

බැහැ.

ඒ වගේම මේ කාබනික පොහොර

පරීක්ෂාව ශාඛ නිරෝධායන

ආයතනය මගින් නිසි පරිදි

සිදුවෙලා නැහැ කියලා චෝදනා

කරනවා. අපේ රටේ ශාඛ

නිරෝධායන සේවාව වගකියන්නේ

අපේ රටට මිස චීන සමාගමට

නෙවෙයි. ඇමතිවරු ජනාධිපති චීන

සමාගමට වගකියනවා. තුන්වෙනි

පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ

යුතුයි කියලා එකඟතාවයට ආ බව

කියනවා. එවැනි එකඟතාවයකට

ආවේ කවුරු සමඟද කියලා

කින්ඩාවෝ සමාගම සහ චීන

තානාපති කාර්යාලය රටට කියන්න

ඕනෑ. ඒ වගේම එම සමාගම එවන

ලද ලිපියේ මහ කන්නය සඳහා

පොහොර හිගයක් ඇති නිසා මෙම

පොහොර තොගය බාරගන්න

කියලා ඉල්ලීමක් කර තිබෙනවා.

අපේ රටේ ප්‍රශ්න රටේ

පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන

සමාගම ඒ ප්‍රශ්න විසඳන්න

මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ

රටේ නීති නොසලකා චීන

නෞකාය කොළඹ වරායට

ඇතුළුවීමට දරණ උත්සාහය වහා

නතර කළ යුතුයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති

සන්ධානය සාධාරණ ඉල්ලීම්

වෙනුවෙන් විශාල අරගලයක් දියත්

කරමින් තිබෙනවා. විශාල වැටුප්

විෂමතාවයක් දීර්ඝ කාලයක් පුරා

තිබෙනවා. සුබෝධනී කමිටුව

නිර්දේශ නිකුත් කර තිබෙනවා.

නමුත් ඇමති අනුකමිටුවෙන්

සුබෝධනී කමිටු වාර්තාවේ

නිර්දෙශවලින් ඉදිරිපත් කළ වැටුප්

විෂමතාවයෙන් තුනෙන් එකක්

ලබාදීමට තමයි කැමැත් පළ කළේ.

වෘත්තීය සමිති එයට කැමැත්ත

පළකළා. පසුව ආණ්ඩුව කිව්වා

තුනෙන් එක ලබාදෙන්නේ දෙකට

කඩලා කියලා. ඒ අනුව ගුරු විශාල

ප්‍රමාණයකට වැටුප වැඩිවෙන්නේ

රු.1250කින්. ගෑස් සිලින්ඩරය

1257කින් වැඩි කළා. ආණ්ඩුව

වසරකට රුපියල් බිලියන

4500ක් වියදම් කරනවා.

ගුරුවරු ඉල්ලන්නේ බිලියන

64යි. ආණ්ඩුව මාස 16ට

රුපියල් බිලියන 1300ක් මුදල්

අච්චු ගැහුවා. එයින් බිලියන 64යි

ඉල්ලන්නේ. නාස්තිකාර වියදම්

ඕන තරම් කරනවා. ඒ අතර

ඇමතිවරු දරුවන් ගැන පුදුම

වේදනාවකින් කතාකරන්න පටන්

ගත්තා. නමුත් කොවිඩ් සමය තුළ

ගුරුවරුන් ස්වෙච්ඡාවෙන්

ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කර

දරුවන් ගස් ගල් උඩ නැගගෙන

ඉගෙන ගන්නකොට නෑසූකන්ව

සිටි ඇමතිවරු මෑතක සිට දරුවන්

ගැන වේදනාවෙන් අඬන්න පටන්

ගත්තා. මේ අරගලය වැටුප්

වෙනුවෙන් පමණක් නෙවෙයි. ගුරු

වෘත්තීය තුළ දක්ෂයින් රඳවා ගන්න

නම් මේ වැටුප් වැඩිවීම කළ යුතුයි.

නමුත් එසේ තිබියදී වෘත්තීය

අයිතිවාසිකම් සටනක් තිබියදී

ආණ්ඩුව අවධානය යොමු නොකර

තිබියදී සොච්චමක් වැඩි කරන්න

තීරණය කර තිබියදී ගුරුවරු

ඉගැන්වීමට තීරණය කරනවා.

නමුත් උගන්වන ගමන් අරගලය

දියත් කරන්න ඔවුන් තීරණය කර

තිබෙනවා. අපේ උපරිම සහය ඒ

වෙනුවෙන් ලබාදෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments