22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedපහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය නතර කිරීමත් සුභසාධනය සොයා බැලීමත් ඉහළ නිලධාරීන්ගේ වගකීමක්...

පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය නතර කිරීමත් සුභසාධනය සොයා බැලීමත් ඉහළ නිලධාරීන්ගේ වගකීමක් වගේම

පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය නතර කිරීමත් සුභසාධනය සොයා බැලීමත් ඉහළ නිලධාරීන්ගේ වගකීමක් බවත් උසස්වීම් ලැබුණා වගේම වෙනත් පහසුකම් හිමි වෙනවා වගේම වගකීම්ද වැඩිවෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේ පැවැති ඉකුත්දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අභිනවයෙන් පත්වූ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරියන් අමතමින්ය එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය……….සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට පොලිස් ස්ථාන තුනක් පමණ අධීක්ෂණයට ලැබෙනවා. ඒ යටතේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයෙක්, නිලධාරීන් අල්ලස් ගන්නවනම් ලිංඟික අල්ලස් ගන්නවා නම් වෙනත් දූෂණ වැඩ වල යෙදෙනවා නම් ඕගොල්ලොන්ගේ බුද්ධි අංශ යවලා ඒ අයට විරුද්ධව ක්රිෙයා කරන එක ඔබලාගේ යුතුකමක්. එසේ නොකර අපේ බුද්ධි අංශ යොදවලා යම් ස්ථානාධිපතිවරයෙක් නිලධාරී‍යෙක් අපිට අනාවරණය වුණොත් ඔවුන් භාරව සිටින සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව කටයුතු කරනවා.

උසස්වීම් ලැබුන වගේම වෙනත් පහසුකම් ලැබෙනවා වගේම වගකීම්ද වැඩි වෙනවා. තමාගේ යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ සුභසාධනය ද බලන්න ඕනේ ඒකත් ඉතාම වැදගත් දෙයක්. බොහෝ පොලිස් ස්ථානවලට මම ගියා. බොහෝ තැන් වල පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය බලන ආකාරයක් මට පෙනුණේ නෑ. පැය 8කට එහා රාජකාරි කරන අපේ නිලධාරීන්ට තමන්ගෙ පොලිස් ස්ථානයට ඇවිල්ලා හොඳට ඇඟපත හෝදගෙන නිදා ගන්න පුළුවන් තැනක් සකසලා තියෙනවා නම් ඒක තමයි සුභසාධනය කියන්නේ. ඒ නිසා ඔවුන් පරිහරණය කරන වැසිකිලිය, නාන කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමරය සහ කාර්යාලය හොඳට තියෙන්න ඕනේ. සුභසාධනය හොඳට තිබ්බොත් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වුනොත් තමයි ඉතාම උසස් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments