28.6 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්කොට්ටාව මාලු වෙළඳසැලේ සිව්දෙනෙකුට කොරෝනා

කොට්ටාව මාලු වෙළඳසැලේ සිව්දෙනෙකුට කොරෝනා

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයා ගමන් කළ බව කියන කොට්ටාව මාලු වෙළඳසැලේ  සේවකයින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති  බවට අද (21)  වාර්තා වූ බව කොට්ටාව  මහජන සෞඛ්‍ය පරීක්ෂක  පී.තිලකසිරි මහතා පවසයි .

ඒ අනුව කොට්ටාව මාලු වෙළෙඳසැල සහ තෙමහල් සේවක නේවාසිකාගාරයට  මුද්‍රා තබා ආශ්‍රිතයින්  40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ  බව එම කාර්යාලය කියයි .

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ  සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට ඉකුත් 18 දා හඳුනා ගැනීමත් සමඟ ඉන් එක් ආසාදිතයකු ගමන් කළ බව කියන කොට්ටාවේ සමුපකාර වෙළඳසැලක් සහ මාළු වෙළඳසැළ මෙලෙස වසාදැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගැණිනි.

පසුව මෙම මාළු වෙළඳසැලෙහි සේවය කළ සේවකයින් 17  දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කර ඉකුත් 19 දා සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී සේවකයන් සිව්  දෙනෙකුට මෙසේ ආසාදනය වී ඇති බව බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.

ඒ අනුව ආසාදනයට ලක්වූ කොට්ටාව තෙමහල් ගොඩනැගිල්ලක රැඳී සිටි (42,47)  පුද්ගලයින් දෙදෙනකු , පන්නිපිටිය ,දෙපානම පදිංචි (58) පුද්ගලයකු සහ බොරලැස්ගමුව ,නීලම්මහර  ප්‍රදේශය පදිංචි (43) පුද්ගලයකු ඇතුළු සිව්දෙනා කළුතර පිඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසයි.

මෙම පුද්ගලයින් සිව් දෙනාට කොරෝනා රෝගය ආසාදනය වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් ද නැතහොත් වැල්ලවත්ත කොරෝනා ආසාදිතයා ගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා  තවදුරටත් විමර්ශන විමර්ශන ක්‍රියාත්මක බව  මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments