22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්20 ට ඩයනා ගමගේ ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂවෙයි

20 ට ඩයනා ගමගේ ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂවෙයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය. 

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

ඒ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ඇතුළු සමගි ජනබලවේගයට සහය පළ කරන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව මේ වනවිට පැවැත් වේ.

ඉන් අනතුරුව තෙවනවර ඡන්ද විමසීම පැවැත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments