22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅන්තරාදායක මත්ද්‍රව්‍ය ජාවාරමක් හා තවත් ජාවාරම් රැසක තතු එස්.ටී.එෆ්. සොයාගනී.

අන්තරාදායක මත්ද්‍රව්‍ය ජාවාරමක් හා තවත් ජාවාරම් රැසක තතු එස්.ටී.එෆ්. සොයාගනී.

ලැගුම් හලක් තුල දී එහි සේවය කරන පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (05) මරදාන පොලිස් වසමේ ශ්‍රී විපුලසේන මාවත, ස්ටෑන්ඩට් ප්ලෙස්, යන ලිපිනයේ පිහිටි HOTEL RELAX ON ROOM යන නවාතැන තුල දී නීති විරෝධී මත් ද්‍රව්‍යයක් වන මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත් ද්‍රව්‍ය සහ හෑෂ් නම් අන්තරාදායක මත් ද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම අයුරින් අලෙවි කල එහි සේවය කරන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 200 සහ හෑෂ් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 430 සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

මේ අතර විශේෂ පොලිස් කාර්ය බලකාය දෛනික වැටලීම්වලදී (05) මන්කූලම් කඳවුරේ නිලධාරී කණ්ඩායමක්බලපත්‍ර රහිතව වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම කඳවුරේ නිලධාරී කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් තුන්සිය තිහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරී කණ්ඩායමක් කේරළ ගංජා ග්‍රෑම් එකසිය තිහක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. බුත්තල කඳවුරේ නිලධාරී පිරිසක් බලපත්‍ර රහිතව විවිධ ප්‍රමාණයේ ඉරන ලැබු කොස්වර්ගයේ දැව ළඟ තබාගෙන සිටි අයකු අතඅඩංගුවට ගෙන තිබේ. කල්මුණේ කඳවුරේ නිලධාරී පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් තුන්සිය දහයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරී කණ්ඩායමක් නීති විරෝධි මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා ගෝඩා ලීටර් 336ක් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරී පිරිසක් බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර ටිපර් රථයකින් වැලි කියුබ් හතරක් ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම කහවත්ත කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් දෙකක් සිදුකොට නීති විරෝධි මත්පැන් ලීටර් 52.5ක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් 101.25ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ලීටර් 33.75ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරී පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් දහයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සමන්තුරය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර රහිතව ට්‍රැක්ටර් රථයකට වැලි පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments