ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා සභාපතීත්වය දරණ ” හෙල්ප් සර්කල්ස්” (HELP CIRCLES GUARANTES LTD) ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් (08) වේරහැර, කොතලාවල ආරක්ෂක රෝහල වෙත ලක්ෂ එකසිය හැටක් වටිනා(මිලියන16) හයිපෙක් කීමෝතෙරපි (HIPEC CHEMOTHERAPY) යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.
මෙම අවස්ථාවට , රාජ්‍ය ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න , කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් , කොතලාවල විශ්ව විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් , ෂ්ඨ කතිකාචාර්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කොතලාවල ආරක්ෂක රෝහලේ හිටපු අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයන්ත බලවර්ධන ,ශල්‍ය වෛද්‍ය රංග පෙරේරා , ශල්‍ය වෛද්‍ය දුලන්ත ඩී සිල්වා ,සර්ජිටෙක් ආයතනයේ ලක්ෂාන් නානායක්කාර , යසින්ත කේ.ප්‍රනාන්දු ,හෙල්ප් සර්කල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ නීතිඥ නිරංගා නානායක්කාර, නෙළුම් ජයවීර , තර්ම සොලියුෂන් ජාත්‍යන්තර නෙදර්ලන්ත ශාඛාවේ අන්තර්ජාතික ව්‍යාපාර කළමණාකරු , බෲනෝ ලැම්බර්ඩ් යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.
ඇමෙරිකාවේ හුස්ටන් හී පදිංචි ලංකා පන්නිල මහතා සහ ප්‍රශාන්ති පන්නිල මහත්මිය ඇතුළු දානපතියන් රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබාදී තිබේ.
මේ වනතුරා මෙවැනි යන්ත්‍රයක් ලංකාවේ භාවිතා වූයේ කුරුණෑගල මූලික රෝහලේ පමණි.මෙම යන්ත්‍රය මඟින්, මහ බඩවැල් , උණ්ඩුක පුච්චය ,ඩිම්බකෝෂ සහ ආමාශ පිළිකා , උදර අභ්‍යන්තර මිස තෙලියොමව ( MESOTHELIOMA) වැනි දෘශ්‍යමාන නොවන හා ප්‍රතිකාර කිරීමට අපහසු උදර පිළිකා සඳහා, උදර අභ්‍යන්තරයට රසායනික චිකිත්සක ඖෂධ අඩංගු සෙන්ටි ග්‍රේට් අංශක 40-45 අගයට උණුසුම් වූ දියරයක් යවමින් , එම පිළිකා ශෛල විනාස කිරීම සිදුවේ.මෙමගින් වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නොමැති තත්වයේ මහා බඩවැල් ආශ්‍රිතව පිළිකා ඇති පුද්ගලයන්ගේ ජීවිත කාලය දෙගුණ කිරීමට මෙන්ම , වෙනත් කිසිදු ප්‍රතිකාරයක් නොමැති තත්වයේ ඩිම්බකෝෂ පිළිකා ඇති රෝගි කාන්තාවන්ගෙ ආයු අපේක්ෂාව වසරකට ආසන්න කාලයකින් දීර්ඝ කිරීමට හැකි වන බවද පෙන්වා දී ඇත .
මෙය මෙරට වෙසෙන පිළිකා රෝගින් සඳහා මහත්වූ අස්වැසිල්ලක් ගෙන දෙනු ඇත.


