22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යානන්තර පාපන්දු තරඟාවලියක්.

“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යානන්තර පාපන්දු තරඟාවලියක්.

කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර වුවද ‍රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මෙවැනි තරඟාවලි හරහාමාවත විවර වෙනවා.

  • අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

මාලදිවයින් අ ජනාධිපති ඊබ්රා හිම් මොහොමඩ් සෝලි මැතිතුමා (Hon.Ibrahim Mohamed Solih)පිළිගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා (08) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යා න්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී මේ බව පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්රීත ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යානන්තර පාපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් සහභාගීවීමට මාලදිවයින් ජනාධිපති ඊබ්රා හිම් මොහොමඩ් සෝලි සහ මාලදිවයින් ක්‍රීඩා අමාත්‍ය අහමඩ් මහලූෆ් මහතා (Mr.AhamedMahloof) මෙරටට පැමිණියහ.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපේ රටේ ක්‍රිඩාංගණ ජාත්‍යාන්තර තරඟාවලි පැවැත්වීමට සුදුසු බව පෙන්වීමට මෙම තරඟාවලිය ඉතාමත් හොඳ අවස්ථාවක්.

‘‘අපේ ක්‍රීඩාංගණ, අපේ යටිතල පහසුකම් ජාත්‍යාන්තර තරගවලට භාවිතා කිරීමට සුදුසුයි කියන පණිවිඩයත්,එන්නත්කරණය අවසන්වීමත් සමගම කොවිඩි 19 වසංගත කාල සීමාවෙන් පසු හා වසංගත තත්ත්වය අතරතුර ‍රට තුළ සංචාරක ව්‍යපාරය දියුණු කිරීමට මාවත විවර වෙනවා කියන පණිවිඩයත් මෙමගින් ලබා දෙන්න අපට පුලුවන් වුණා.

මාලදිවයින කියන්නේ අපේ අසල්වාසී රටක්. ඒ වගේම අපේ රටේ ජනතාව සමග ඉතාමත් සමීප සබදතා පවත්වමින් සහයෝගයෙන් ජීවත් වෙන රටක්.

රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක මාලදිවයින් පාපන්දු ක්‍රිඩාව ඉතාමත් හොඳ ස්ථානයක තිබෙනවා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පිළිගෙන මාලදිවයින් ජනාධිපති මෙහි සමාරම්භක උත්සවයට සම්බන්ධවීමට පැමිණිම පිළිබදවඅපි සතුටු වෙනවා”යැයි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය සී.බී.රත්නායක,රාජ්ය අමත්‍ය ඩී.වී චානක යන මහත්වරුන්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ලේකම්උපාලි හේවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments