විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවල නියුතුවන්නන් සඳහා ලියාපදිංචිවීමට විශේෂ සහන කාලයක් ලබාදී තිබේ.
ඒ අනුව නොවැම්බර් 15 සිට දෙසැම්බර් 14 දක්වා එම සහන කාලය ක්‍රියාත්මකවේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීත්‍යානුකූල නොවන විවිධ මාර්ගවලින් විදේශ ගතව රට රැකියාවල නියුතුවන සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව ලියාපදිංචි කාලය ඉක්මවූ පසු ලියාපදිංචිය යාවත්කාලීන නොකර තවදුරටත් විදේශ රැකියාවල නියුතු වන ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින්හට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා විශේෂ සහන කාලයක් ප්‍රකාශයට පත්කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත.
ලියාපදිංචි විගමනික ශ්‍රමිකයින්ට හිමිවන සුබසාධන හා රක්ෂණ ප්‍රතිලාභ මෙම පිරිසටද හිමිකර දීමේ අරමුණෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ අදහසක් අනුව මෙම විශේෂ සහන කාලය ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.