පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරී පිරිසක් (08) මාරවිල පොලිස් වසමේ මරදවැල්ල , මාරවිල ලිපිනයේ වැටලිමක් සිදුකොට හෙරොයින් ග්‍රෑම් විසි අටයි,මිලිග්‍රෑම් හයසිය හැත්තෑවක්, විද්‍යුත් තරාදියක් , ජංගම දුරකතනයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුලල් කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් ගල්කිරීයාගම පොලිස් වසමේ ආඬියාගල , පාලාගල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් මිලිග්‍රැම් 1,102ක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ගල්කිරියාගම පොලිස් ස්ථානට වැඩිදුර විමර්ශන සඳහා භාරදි ඇත. මන්නාරම කඳවුරේ නිලධාරින් ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් මන්නාරම පොලිස් වසමේ නාරාපාඩු ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා තොගයක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි කේරල ගංජා කිලෝ ග්‍රෑම් හතරක් හා ග්‍රෑම් තුන්සීයක් අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ පලෛවාඩි තවරන්කූලම් ප්‍රදේශයේ වැටලීමක් කර නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ. තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරින් ලැබුණු තොරතුකට අනුවඑම පොලිස් වසමේදී මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරින් ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් මහරගම පොලිස් වසමේ බ්ලුස්කයි රෙස්ටුරන්ට් අසල වැටලිමක් සිදුකොට තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රූපයමය අවවාද රහිත මෙරට භාවිතය තහනම් DUNHIL වර්ගයේ දුම්වැටි තොගයක් සමග අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මහරගම පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. එහිදි දුම්වැටි දහසක් සොයාගෙන ඇත.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරි ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් කටුනායක පොලිස් වසමේ කෝවින්න, ආඬි අම්බලමේ ලිපිනය වැටලිමක් සිදුකර ලීටරය ප්‍රමාණයේ VAT 69 වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 13 අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ලැබුණු තොරතුරකට අනුව උඩකනම්පැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 33,750ක් අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානානත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් කෝවින්න ප්‍රදේශයේ , ආඬිඅම්බලමේ වැටලීමක් කර නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 36,750ක්ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි තමන්ට ලැබුණු තොරතුරක් අනුව කහවත්ත පොලිස් වසමේ හව්පේවත්ත, පහල කොටස වැටලීමක් කර නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 11, 250ක්,ගෝඩා ලීටර් 135ක් සහ පෙරීමේ උපකරණ ළඟ තබාගත් අයකු අත්අඩංගුවට ගෙන කහවත්ත පොලිස් ස්ථානය සඳහා වැඩිදුර විමර්ශනය සඳහා භාරදි ඇත.
වාකරේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ ආන්දන්කූලම් ප්‍රදේශයේ වැටලීමක් කර නීතිවිරෝධි මත්පැන් මිලිලිටර් 25,000ක්, යකඩ බැරල් එකක්,ප්ලාස්ටික බූලියක් හා තඹ දඟරයක් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයේ නව මැගසින් බන්ධනාගාරයේ රාජකාරි යෙදි සිටින නිලධාරී කණ්ඩායමක් බන්ධනාගාර රැඳවියන් සෝදිසි කරන ස්ථානයේදි ලියිටරයක් සමග රැඳවියකු අත්අඩංගුවට ගෙන ඇත. එම බන්ධනාගාරයේ තවත් සෝදිසි කිරීමකදී සිම්පතක් හා මෙමරිකාඩ්පතක් ළඟ තබාගෙන සිටින රැඳවියකු අත්අඩංගුවට ගෙන දෙවන පෙළ ජේලර් වරයකුට භාරදි තිබේ. මාන්කූලම් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිලධාරි පිරිසක් මන්කූලම් පොලිස් වසමේ පුලිවිච්චිනාතකූලම් ප්‍රදේශයේ වැටලිමක් කර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් ට්‍රැක්ටර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන මන්කූලම් පොලිස් ස්ථානයට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදී තිබේ.