22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා WURTH LANKA පුද්ගලික ආයතනය එක්ව එළැඹී ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස...

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා WURTH LANKA පුද්ගලික ආයතනය එක්ව එළැඹී ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ  Technopreneurs Training වැඩසටහනේ දෙවන අදියර.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා WURTH LANKA පුද්ගලික ආයතනය එක්ව එළැඹී ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ  Technopreneurs Training වැඩසටහනේ දෙවන අදියර (06) ඔරුගොඩවත්ත K-Tec ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි. 

වෘත්තීය ක්ෂේත්‍රය තුළ පළපුරුදු ශිල්පීන්ට අවශ්‍ය න්‍යාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම මෙහි අරමුණ වන අතර, මේ සඳහා දින 05 ක පුහුණු වැඩමුළුවක් හා මාර්ගගත ක්‍රමවේදය අනුව  පැය 100ක දේශන  කාලයක් ලබා දේ. දින 5ක කාලයක් තුළ පැවැත්වෙන ප්‍රායෝගික  පුහුණුව හා පැය 100ක දේශන මාලාවකින් පසුව ඔවුන් වෙනුවෙන් පැවැත්වෙන තරග විභාගයකින් අනතුරුව  ජර්මන් රජයේ පිළිගත් සහතිකයක් හිමිවන අතර  රුපියල් ලක්ෂයක් වටිනා උපකරණ කට්ටලයක් ද  හිමිවේ. 

මීට අමතරව ව්‍යවසායකත්ව දැනුම ඔවුන් වෙත ලබා දීම මෙම පැය 100 දේශන මාලාවට ඇතුළත් වන අතර එහිදී තමන්ගේ පුහුණු ක්ෂේත්‍රය තුළ ව්‍යවසායකයෙකු වීමට අවස්ථාව හිමිකර දෙයි. එමෙන්ම  Mobile Phone App ක්‍රමවේදය තුළ තමාගේ ව්‍යාපාරය සඳහා ඊට සරිලන පාරිභෝගික ජාලයකට උරුමකම් කීමට ද  අවස්ථාවක් WURTH LANKA ආයතනය විසින් හිමිකර දීම ද සුවිශේෂි වේ. 

මෙවර මෙම වැඩසටහන විදුලි ක්ෂේත්‍රයේ පළපුරුදු ශිල්පීන්ට  පැවැත්වූ අතර වායු සමීකරණ, ඇළුමිනියම් පිරිසැකසුම්, පෙදරේරු, වඩු කාර්මික වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා  මෙම වැඩසටහන ඉදිරියේදී  පැවැත්වීමට  අවශ්‍ය කටයුතු ද  සැළසුම් කර ඇත. 

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට විදුලි කාර්මික ක්ෂේත්‍රය තුළ මනා අත්දැකීම් සහිත දේශක   රුවන් වීරතුංග මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන) චන්දන විදානපතිරණ මහතා ද සහභාගී විය. 

මෙම අවස්ථාව වෙනුවෙන් WURTH LANKA ආයතනය වෙනුවෙන් එහි සම්බන්ධීකාරක ලෙස යසස්මා මහත්මිය සහභාගී වූ අතර, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සම්බන්ධීකරණ කටයුතු වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශයේ  වැඩසටහන් නිලධාරී කලෙයිවානි මහත්මිය කළාය.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments