22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි ගිණි අවි උණ්ඩ සමග දෙදනකු හා කැලැපාළුවන් ඇතුළු තවත් ජවාරමුන්...

නීති විරෝධි ගිණි අවි උණ්ඩ සමග දෙදනකු හා කැලැපාළුවන් ඇතුළු තවත් ජවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩ

සමග දෙදනකු විශේෂ කාර්ය

බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන

නිලධාරී නියෝජ්‍ය පොලිස්පති

නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ

සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර

උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ

පොලිස් අධිකාරි පි.ජේ.

සිල්වෙස්ටර් විජේසිංහ මහතාට

ලැබුණු තොරතුරකට අනුව විශේෂ

කාර්ය බලකාය ගෝනහේන

කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පි.

ගුණතිළක ඇතුළු නිලධාරී

කණ්ඩායමක් (09) කටාන

පොලිස් වසමේ අංක 210ඊ,

කොන්ද ගම්මුල්ල, දෙමන් හංදිය

ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර

නීති විරෝධී ක්‍රියාවන් රැසකට සහ

කොල්ලකෑම් සහ මහජන

බියවැද්දවීම සඳහා යොදාගත් නීති

විරෝධී ගිනි අවි සහ මෙරට

නිෂ්පාදිත නිර්මාණාත්මක ගිනි අවි

සහ උණ්ඩ ළඟ තබාගෙන සිටි

පුද්ගලයින් දෙදෙනෙකු වන

කොන්ද ගම්මුල්ල, දෙමන් හන්දිය

ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු

51ක් වන පුද්ගලයකු සහ

ගනේපොල, කොටුගොඩ

ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු

55ක් වන පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා කටාන

පොලිස් ස්ථානය වෙත වෙත භාර දී

ඇත.

ඔවුන් ළඟ තිබි අත්අඩංගුවට ගත්

භාණ්ඩවනුයේ ඉතාලියේ

නිෂ්පාදිත මයික්‍රො වර්ගයේ

පිස්තෝල අවි 01යි, පිස්තෝල

උන්ඩ ගැබ් 01 යි,බෝර 12 අවි

01 යි,බෝර 12උණ්ඩ 48 යි,

0.22mm වර්ග උණ්ඩ භාවිතා

කිරිමට හැකි පරිදි නිර්මාණය කරන

ලද රිවොල්වර ආකෘතියට අයත්

ගිනි අවි 01යි, 0.22mm

වර්ගයේ උණ්ඩ 20 යි.

මේ අතර පුත්තලම කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් සාලියවැව

පොලිස් වසමේ නීතිවිරෝධි

මැත්පැන් මිලි ලීටර් 37,500ක්

ළඟතබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත. කතරගම

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

තිස්සමහාරාම පොලිස් වසමේ

නීතිවිරෝධි මත්පැන් මිලිලීටර්

15,750ක් හා පෙරීමේ

උපකරණ ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ

කාර්ය බලාකාය ශාස්ත්‍රවෙල

කඳවුරේ නිලධාරී කණ්ඩායමක්

නාවික හමුදා බුද්ධි අංශයෙන්

ලැබුණු තොරතුරකට අනුව

පොතුවිල් අඩවිවන කාර්යාලයේ

නිලධාරී කණ්ඩායමක් සමග

ඒකාබද්ධ පොතුවිල් පොලිස්

වසමේ ඉඩම් අත්පත් කර ගැනීමේ

අරමුණින් රජයේ රක්ෂිතයේ

අක්කර 1/4කට ආසන්න භූමි

ප්‍රමාණයක කැලෑ එළි කරමින් සිටි

දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බුත්තල කඳවුරේ නිලධාරී

කණ්ඩායමක් කොස්ලන්ද පොලිස්

වසමේ අනවසරයෙන් රක්ෂිතයට

ඇතුළුවි අක්කර තුනක පමණ භූමි

ප්‍රමාණයක් එළිපෙහෙලි කරමින්

සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන

ඇත. පරයනාලන්කූලම් කඳවුරේ

නිලධාරී පිරිසක් අඩම්පන් පොලිස්

වසමේ නීති විරෝධිව රක්ෂිතයට

ඇතුළුවි නීති විරෝධිව දැව කපා

ප්‍රවහනය කරමින් සිටි දෙදනකු

සමග ට්‍රැක්ටර් රථයක් අත්අඩංගුව ට

ගෙන ඇත. එමෙන්ම වාලච්චේන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වාලච්චේන පොලිස් වසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට තිබේ. අරන්තලාව කඳවුරේ නිලධාරී කණ්ඩායමක් මහඔය පොලිස් වසමේ වැටලීම් දෙකක් සිදුකර බලපත්‍ර රහිතව වැලි ප්‍රවහනයට සූදානම් කරමින් සිටි ටිපර් රථයක් පුද්ගලයකු හා බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි පටවමින් සිටි අයකු එම ලෝඩර් යන්ත්‍රය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments