22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට...

අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ගුවන් හමුදාව සුදානමින්.

අයහපත් කාලගුණ තත්වය නිසා දිවයිනේ ඇතිවිය හැකි හදිසි අපදා තත්වයකට මුහුණ දිමට ගුවන් හමුදාව සුදානමින්

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ඉදිරි දින කිහිපය තුල ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් පවතින බැවින් ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මේවන උපදෙස් ලබාදි ඇත.

අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලඝණයට අයත් බීච් ක‍්‍රාෆ්ට් 200 (Beech Craft 200) වර්ගයේ ගුවන් යානාවන් චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨ කදවුරේ සුදානමි කර ඇති අතර යමි හදිසි අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනීමෙි මෙහෙයුමි සදහා රත්මලාන ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානා 01 ක් ද එමි අයි 17 හෙලිකොප්ටර් යානාවක්ද හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 02 ක් ද, පලාලි ගුවන් හමුදා කදවුර තුල බෙල් 212 හෙලිකොප්ටර් යානා 01 ක් ද, අනුරාධපුර ගුවන් හමුදා කදවුර තුල එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 01ක් ද, වීරවිල ගුවන් හමුදා කදවුර තුල එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද, අමිපාර ගුවන් හමුදා කඳවුර තුළ වයි 12 වර්ගයේ ගුවන් යානාවක්ද සමගින් සෑම ගුවන් හමුදා කදවුරක් තුලම මුදවා ගැනිමි මෙහෙයුමි සදහා විශේෂ පුහුණුව ලැබු ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් මෙන්ම සහන සැලසීමේ කටයුතු සදහා ගුවන් හමුදා සාමාජිකයින් මේ වනවිට සුදානමින් සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments