මන්නාරම, මඩු ප්‍රදේශයේදී සිදුවූ පිපිරීමකින් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
තම මිත්තණිය සමග නිවස ආසන්නයේ දර කැඩීමට ගිය අවස්ථාවේදී හමුවූ උපකරණයක් සමග සෙල්ලම් කරමින් සිටියදී අදාළ පිපිරීම සිදුවී ඇත.
පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ ඉරණඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 12ක් සහ අවුරුදු 10ක ළමුන් දෙදෙනෙකි.
ඔවුන් වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.
පැවති යුද සමයේ අත්හැර දැමූ බෝම්බයක් වැනි යමක් මෙලෙස පිපිරී ඇති බවට අනුමාන කෙරෙන අතර මඩු පොලීසියෙන් වැඩිදුර විමර්ශනය සිදුකරයි.