25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2021 නොවැම්බර් මස තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය.

2021 නොවැම්බර් මස තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර හා අලෙවි සැල් වසාදමා තිබූ කාල සීමාව තුල දිවයින පුරා නීති විරෝධී මත්පැන් කර්මාන්තයෙහි සීග්‍ර වර්ධනයක් ඇති වූ බව නිරීක්ෂණය කරන ලදි. සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමෙන් පසුවද නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඇති නැඹුරුව ඉහල මට්ටමක පැවතුණි.

02. මේ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2021 නොවැම්බර් හා දෙසැම්බර් යන කාල සීමාව විශේෂ සමූහ ග්‍රහණ කාලසීමාවක් ලෙස නම් කර ඇති අතර එම කාලසීමාව තුලදී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඒ ඒ පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් යටතේ එක් එක් පලාත්වලට අනුයුක්ත සියලුම සුරාබදු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශාල ප්‍රමාණයේ සමූහ වැටලීම් හා ග්‍රහණ සිදු කිරීමට නියෝග කර ඇත.

03. 2021 නොවැම්බර් පලමු වන දින ආරම්භ කරන ලද එම වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර නොවැම්බර් මස තුළ එම වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්තක වැටලීම් විස්තර පහත දැක්වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පනත් යටතේ ග්‍රහණ වර්ගීකරණය.

අනු අංකයපනතසාර්තක ග්‍රහණ සංඛ්‍යාව
01සුරාබදු ආඥා පනත2645
02වස, විස, අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත554
03දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත388
සමස්ත සාර්තක ග්‍රහණ සංඛ්‍යාව3587

ඉහතින් දක්වන ලද සාර්තක ග්‍රහණ සංඛ්‍යාව ඒ ඒ අපරාධ වල ස්වභාවය අනුව වර්ගීකරණය පහත පරිදි වේ.

සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය309
නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් සන්තකය/ විකිණීම58
නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම1643
නීති විරෝධී ලෙස මහා රා සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම308
නීති විරෝධී ලෙස රජයේ අරක්කු සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම211
නීති විරෝධී ලෙස විදේශ මත්පැන් සන්තකය/ ප්‍රවාහනය/ විකිණීම83
සුරා අපරාධ පිළිබඳ තොරතුරු ලබා දීමට නොහැකි වීම21
වෙනත් වැරදි12
එකතුව2645

වස, විස, අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

හෙරොයින් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය263
කොකේන් සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය05
නීති විරෝධී ලෙස ගංජා සන්තකය/ විකිණීම/ ප්‍රවාහනය244
නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම06
වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ ග්‍රහණ36
එකතුව554

දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

බදු නොගෙවූ සිගරට් සන්තකයේ තබා ගැනීම244
ප්‍රසිද්ධ හා ජනාකීර්ණ ස්ථානවල දුම්පානය44
අවුරුදු 21 අඩු පුද්ගලයන්ට සිගරට් විකිණීම34
වෙනත් දුම්කොල සම්බන්ධ අපරාධ66
එකතුව388

04. එම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 3587 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

05. මෙම වැටලීම් / ග්‍රහණ වලදී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 50 ක් ඉක්මවයි.

06. සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වල දී සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකිරීම් සම්බන්ධ වැරදි සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 944 ක් ග්‍රහණය කර ඇති අතර ඉදිරියේ දි එම බලපත්‍රලාභින්ට එරෙහිව උපරිම දණ්ඩණයන් ලබා දිම සදහා පියවර ගනු ලැ‍බේ.

07. මෙම ග්‍රහණයන් අතරින් වැඩිම ග්‍රහණ සංඛ්‍යාවක් මහජනතාව විසින් පැය 24 පුරා මහජන පැමිණිලි ලබාගැනීමට සුරාබදු මූලස්ථානයේ පිහිටුවා ඇති දුරකථන අංක 1913 මගින් සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරන ලද පැමිණිලි හා තොරතුරු මත සිදු කරන ලද වැටලිම් වේ.

08. මේ ආකාරයේ නීතිය කඩකිරීම් පිළිබද මහජන පැමිණිලි වෙතොත් ඒවා 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමු කළ හැකි වේ.

09. ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හා දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ මෙහෙයවීම යටතේ සුරාබදු නිලධාරීන් නවසියයක‍ට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි යොදවමින් මෙම වැටලීම් සිදුකොට ඇත.

10. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05 කින් සහ මත්ද්‍රව්‍යනාශක අංශය මගින් ඉහත සදහන් ග්‍රහණයන් සිදු කොට ඇත.

කපිල කුමාරසිංහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments