රුපියල් මිලියන තිහකට ආසන්න වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 1.5ක් ශ්‍රී ලංකා රේගු නිලධාරින් (04) අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ පැමිණීමේ පර්යන්තයේ සේවය කරන නිලධාරීන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික මගියෙකු පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයක් තුළ තිබී අයිස් හෙවත් methamphetamine නැමැති මත්ද්‍රව්‍ය යැයි සැකකරන පාර්සල් දෙකක් කිරිපිටි අඩංගු පෙට්ටි වල සඟවා තිබියදී මෙය සොයා ගෙන තිබේ.
මෙසේ සොයා ගන්නා ලැබු මත්ද්‍රව්‍ය වල බර 1.5 kg. මෙහි වෙළෙඳපොළ වටිනාකම මිලියන තිහකට ආසන්න වෙයි .සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි ව්‍යාපාරිකයෙකි . මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සිදු කරමින් පවතී . වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගන්නා ලැබු මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දීමට කටයුතු පියවර ගෙන ඇත.