මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද අළුයම ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණය අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා ඉකුත් 23 වෙනිදා රුධිරයට විෂබීජයක් ඇතුලුවිම හේතුවෙන් ඇතිවූ සංකුලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී ඇත.
එම රෝගියා මිය ගොස් ඇත්තේ අදාළ සංකුලතා හේතුවෙන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
