21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්police newsජීව අත් බෝම්බ, ජීව උණ්ඩ හා දැව,වැලි හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්....

ජීව අත් බෝම්බ, ජීව උණ්ඩ හා දැව,වැලි හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

ජීව අත් බෝම්බ, ජීව උණ්ඩ හා

Pen Pistol(පෑනක

හැඩය ඇති)එකක් ළඟ තබාගෙන

සිටි පුද්ගලයකු විශේෂ කාර්ය

බලකාය නිලධාරීන් අත්අඩංගුවට

ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය හොරණ

කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට

අනුව ක.අ.නි. ප්‍ර.පො.ප. ජේ.යූ.එස්.

ද සිල්වා ඇතුළු නිලධාරීන්

කණ්ඩායමක් (15) තෙබුවන

පොලිස් වසමේ උඩුවර ප්‍රදේශයේ දී

වැටලීමක් සිදුකොට ජීව අත්

බෝම්බ, ජීව උණ්ඩ හා Pen

Pistolඑකක් ක් ළඟ

තබාගෙන සිටි දෙල්ගොඩ, උඩුවර

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42

ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා

තෙබුවන පොලිස් ස්ථානය වෙත

භාර දී ඇත.

මෙපමණ අවි ආයුධ තොගයක්

සන්තකයේ තබාගෙන සිටීම

සම්බන්ධයෙන් විශේෂ

පරික්ෂණයක්ද සිදුකරනු ලබයි.

එහිදි S.F.G ජීව

අත් බෝම්බ 02 යි.
,Pen

Pistol 01 යි,Pen

Pisto01 යි,

9mm උණ්ඩ 187 යි,3.8

උණ්ඩ 128 යි,4.5

ACP උණ්ඩ 03 යි,7.62

x 39 උණ්ඩ 12 යි,7.62 x

51 උණ්ඩ 02 යි,0.22 උණ්ඩ 88

යි,බෝර 12 උණ්ඩ 03 ක් යන

භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් කාර්යබලකාය

සිය දෛනික වැටලීම්වලදී

මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ

වැටලීම් ඒකකයේ (කොළඹ

කලාපය) නිලධාරි පිරිසක් වැලිකඩ

පොලිස් වසමේ 9වෙනි පටුමග

ඇතුළ්කෝට්ටේ, කෝට්ටේ

ලිපිනයේදී හෙරොයින් හා කේරළ

ගංජා ළඟ තබාගෙන සිටි අයකු

අත්අඩංගුවට ගෙන ඇත.

තලවාකැලේ කඳවුරේ නිලධාරී

පිරිසක් ආගරපතන පොලිස් වසමේ

ලිඳුල ඩයගම මාර්ගයේ සිලෝන් ටී

තේ කර්මාන්තශාලාව අසල

ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස

බලපත්‍ර නැතිව ඉරන ලැබු ලී

ප්‍රවාහනය කරමින් සිටි අයකු

අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් වාලච්චේන පොලිස්

වසමේ වාකනේරි ග්‍රාමසේවා

කොට්ඨාශයේ වෙල්ලමච්චේන

රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නැතිව

වැලි ප්‍රවහනය කරමින් සිටි දෙදනකු

අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොළ

කඳවුරේ නිලධාරි පිරිසක් එම

පොලිස වසමේ දිද්දෙනිය, කිරින්ද

,හෙඩියාදෙණිය ප්‍රදේශයේදී නීති

විරෝධි මත්පැන් ළඟ තබාගෙන

සිටි අයකු එම භාණ්ඩ සමග

අත්අඩංගුවට ගෙන ඇත. හොරණ

කඳවුරේ නිලධාරි පිරිසක් එම

පොලිස් වසමේ මගුරුවෙල

ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව පතල්

කැණීම් කරමින්ටි දෙදනකු

අත්අඩංගුවට ගෙන තිබේ.

පුවරසන්කුලම් කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මඩු පොලිස් වසමේ

මඩු රක්ෂිතයේ මුල්ලිකූලම්

ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත

බෙහෙත් කොටන තුවක්කුවක්

අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමළය කඳවුරේ නිලධාරි

පිරිසක් සාම්පූර් පොලිස් වසමේ

කට්ටපරිච්චාන් ඉස්සෝ පාලස

අසල කැළෑබද ප්‍රදේශයේදී මි.මි.

60 මෝටාර් උණ්ඩයක්

සොයාගෙන ඇත. පුල්මුඩේ

කඳවුරේ නිලධාරී කණ්ඩායමක් එම

පොලිස් වසමේ පුල්මුඩේ නගරයේ

තැපැල් කාර්යාලය අසලදි බලපත්‍ර

නැතිව නීති විරෝධි ලෙස

ෂොට්ගන් වර්ගයේ උණ්ඩ ළඟ

තබාගෙන සිටි පුද්ගලයකු

අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව්ල

කඳවුරේ නිලධාරි පිරිසක්

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ

මුන්ගිල්ආරු ප්‍රදේශයේදි බලපත්‍ර

නීති විරෝධි මත්පැන් සහ නීති

විරෝධි මත්පැන් පෙරීමට භාවිතා

කරන උපකරණ සැකකරුවකු

නැතිව අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ මෙහෙයුම් 1හි නිලධාරි

පිරිසක් එ‍ඬේරමුල්ල පොලිස්

වසමේ අක්බාර් ටවුන් ශ්‍රී ජයන්ති

මාවතේ ඉදිරිපිට නීතිවිරෝධිව

තීරුබදු නොගෙවා මෙරටට

ගෙන්වන ලැබු රජයේ අවවාද රහිත

විදේශීය නිෂ්පාදිත දුම්වැටි ළඟ

තබාගෙන සිටි අයකු අත්අඩංගුවට

ගෙන ඇත.සංවිධානාත්මක අපරාධ

මර්දන ඒකක 11හි නිලධාරි

පිරිසක් කඩුවෙල පොලිස් වසමේ

ගොඩැල්ල කඩුවෙල ස්ථානයේ

නීති විරෝධි ලෙස මත්පෙති ළඟ

කාන්තාවක් අත්අඩංගුවට ගෙන

ඇත. කිළිනොච්චිය කඳවුරේ

නිලධාරි කණ්ඩායමක් එම පොලිස්

වසමේ පෙරියකුලම් වැව පිටුපස

ප්‍රදේශයේදී ගෝඩා සහ නීති

විරෝධි මත්පැන් පෙරීමට භාවිතා

කරන උපකරණ සැකකරුවකු

නැතිව අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කැකිරාව පොලිස්

හොරාපොළ,සූරියගම දඹුලු ඔය

,කරදගහ මංකඩ යන් ස්ථානයේදී

බලපත්‍ර නැතිව එම ඔයෙන් වැලි

කෑණිම කරමින් සටි අයකු සමග

ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගෙන

ඇත. මාන්කූලම් කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් කරගරායන්කූලම්

පොලිස් වසමේ පුදුවිලායන්කූලම්

ප්‍රදේශයේදී අනවසරයෙන් එම

රක්ෂිතයට ඇතුළුවි පලු දැව

කපමින් සිටි අයකු භාණ්ඩ සමග

අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ

කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම

පොලිස් වසමේ මදුරන්කේනී

ඌත්තෝඩෛ ප්‍රදේශයේ නීති

විරෝධි ලෙස බලපත්‍ර කොන්දේසී

උල්ලංඝණය කරමින් වැලි

කැණීම්කර පටවමින් සිටි තිදෙනකු

සහ එම දේපොළ අත්අඩංගුවට

ගෙන තිබේ. බුද්ධි කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මජිත් පෙදෙස, අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ අයිස් හා කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments