යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මෙම යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණය කණ්ඩායම් දෙකක් කොළඹ නගර සිමාවේද අනෙක් කණ්ඩායම් 03 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ද මෙලෙස අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදුකරනු ලබන බවයි එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.