,
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ‘දිනමිණ’ට පැවසීය.
ඒ අනුව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් සංශෝධනය වනබවද ඒ මහතා කියා සිටියි. .
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මාධ්‍ය ප්‍රකාශක වරයා මෙසේද කීය……. කිරිපිටි කිලෝ එකේ පැකට් එකක් රුපියල් එකසිය පනහකින් වැඩිවේ. මෙම පැකට් එකක පැවැති මිලඩවූයේ රුපියල් 1,195යි එහි නව මිල රුපියල් 1,345යි, ග්‍රෑම් හාරසීයේ පැකට් එකක් රුපියල් හැටකින් වැඩිවේ. ඒ අනුව එම පැකට් එකක පැවැති මිල රුපියල් 480ක්වූ අතර එම පැකට්ටුවේ නව මිල රුපියල් 540ක් වේ.
මේවනවිට මේවාය් තිබු පාලන මිල ඉවත් කළ එක රජය කළ හොඳදෙයක්. මේ මිල පාලනය නිසා තමයි ව්‍යාපාර සියල්ල කඩාවැටුණේ. මෙම මිල ගණන් වැඩිකරන්නේ අපි නොවේ ලෝක වෙළෙඳපොළෛ මිල ගණන් අනුව තමයි මෙම භාණ්ඩවල මිල වැඩිවෙන්නේ. මේකට රජයටත් අපිටත් කරන්න දෙයක් නැහැ. කොවිඩ් නිසා නැව්වල ප්‍රවාහන ගාස්තු එකට දෙකකින් තුනකින් වැඩිවුණා නැව් ගමනාගමනයත් ප්‍රමාද වෙලා තිබෙනවා. ඒකයි මම මුලිනුත් පැවසුවේ කිරිපිටි හිඟය අවසන් වෙන්න පෙබරවාරි මාසය පමණ වෙයි කියලා. මාස දෙකක පමණ කාලයක් තිස්සේ මෙම මිල ගණන් වැඩිවෙනවා. ලෝක වෙළෙපොළේ මිල ගණන් අඩුවු වහාම එම සහනය අපි පාරිභෝගිකයාට අනිවාර්යෙන්ම ලබාදෙනවා.
මෙම මිල වැඩිකිරීම් සිදුවන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නයි ලාභ ලැබීමට නොවන බව සියලු දෙනා තේරුම්ගත යුතුයි. රජයත් මේ දිනවල යම් යම් දේවල් කරමින් බැංකුවලට ඩොලර් ලබාදීමට කටයුතු කරමින් සිටින අතර අපිට වැඩිපුර ණයවර ලිපි විවෘත කරගන්න පුළුවන් වුණොත් ඩොලර් ලබාගෙන කිරිපිටි වැඩිපුර ආනයනය කිරීමට හැකිවෙනවා. දැන් දැන් යම් සුබ ලකුණු ලැබෙමින් තිබෙනවා.