22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධි මත්ද්‍රව්‍ය, පුරාවස්තු කැණීම් කරමින් සිටි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

නීති විරෝධි මත්ද්‍රව්‍ය, පුරාවස්තු කැණීම් කරමින් සිටි ජාවාරමුන් එස්.ටී.එෆ්.දැලේ.

රක්ෂිතයක් තුල දී පුරාවස්තු සොයමින් කැණිමි කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්ඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එමි.එස්. ඊබ්‍රහිමි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්

(29) ගල්ඔය පොලිස් වසමේ ගල්ඔය, කිතුල්උතුව, ආනඔලන්දාව රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර ඇත. පුරාවස්තු සොයමින් කැණිමි කරමින් සිටි අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි වයස

අවුරුදු 40 ක පුද්ගලයකු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්ඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි ජෙනරේටර් එකක්,ජංගම දුරකථන එකක්,ඩයලොග් සිම්පතක්, උදැල්ලක්, කුලු ගෙඩි දෙකක්,චේන් බොලොක්කයක් අත්අඩංගුවට ගෙන ඇත.

බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කර තැබීම සහ ඖෂධ වර්ග අලෙවිකල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්ඩංගුවට

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ

නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) අම්බලන්තොට පොලිස් වසමේ

අම්බලන්තොට නගරය, දෙව්න්දර ෆාමසි තුළ දී වැටලීමක් සිදුකර ඇත.
බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කර තැබීම සහ ඖෂධ වර්ග අලෙවි කිරීම සම්බන්ධයෙන් අම්බලන්තොට

ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආහාර හා ඖෂධ පරික්ෂක දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය හම්බන්තොට

ඩි.එස්.පි. ගුණසේකර යන අය වෙත භාර දී ඇත.

එම අවස්ථාවේදී Cetirizine Capsules 75 mg කරල් 135 යි,Domporibone 05 mg පෙති 22 යි,Cetirizine 75 mg

පෙති 85 ක්, Chlorpheniramine 04 mg පෙති 231ක්, Antihistaminic and Antiallergic 120 mg පෙති

13ක්, Metroleb Tablets 200 mg පෙති 70ක්,Cetirizine Capsules 150 mg කරල් 80 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී මෙහෙයුම් 1හි නිලධාරී කණ්ඩායමක් නවගමුව පොලිස් වසමේ මහවත්ත නවගමුව රණාල යන ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ වඩමුණේ ග්‍රාමසේවා නිලධාරි කොට්ඨාශයේ ඌත්තුචේන, විලාඩ්ඩෛ ආර ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව වැලි කැණීම් කර පටවමින් සිටි අයකු ට්‍රැක්ටර් රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරි පිරිසක් රාගම පොලිස් වසමේ දඹුව තේවත්ත මාර්ගයේ පිහිටි ආයුර්වේද පටුමග අසලදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.පුත්තලම කඳවුරේ නිලධාරි පිරිසක් පල්ලම පොලිස් වසමේ දැදුරුඔය සභාව මංකඩ ප්‍රදේශයේ දි බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදනකු එම රථ සමග අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ කජුවත්ත දෙවන කොටස ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ස්ප්‍රීත්තු සහ පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් යටියන්තොට පොලිස් වසමේ අමනාවල, දෙරන්නාව ස්ථානයේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් තවත් වැටලීමක් සිදුකොට යටියන්තොට පොලිස් වසමේම දොඹේපොළ, මලල්පොල යන ස්ථානයේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments