මෙරට මත්පැන් කර්මාන්තය නියාමනය කරනු ලබන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දේශීය හා විදේශීය මත්පැන් නිෂ්පාදන මත “ආරක්ෂිත සළකුණු“ (Security Features) යෙදීම හා ඒ සදහා වූ “ආරක්ෂිත සළකුණු කළමනාකරණ පද්ධතිය” (Security Features Management System) ක්‍රියාත්මක කිරීම 2019 වසරේ දී ආරම්භ කරන ලදී.
එහි මුල් පියවර වශයෙන් 2019 වසර අවසානය වන විට මෙරටට ආනයනය කරනු ලබන සියඵම විදේශීය මත්පැන් මත ආරක්ෂිත සළකුණක් ලෙස ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගන්නා ලදී.
එහි දෙවන පියවර ලෙස මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවල දී නිපදවනු ලබන සියඵම මත්පැන් වර්ග සදහා ද ආරක්ෂිත සළකුණු යෙදීම 2022 ජනවාරි 03 වන දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
අනතුරුව එදින සිට මාස තුනක කාලසීමාවක් තුලදී දැනටමත් නිෂ්පාදනය කරන ලදුව මත්පැන් නිෂ්පාදනාගාර, මත්පැන් ගුදම්, මත්පැන් තොග වෙළද ගබඩා සහ මත්පැන් සිල්ලරට අළෙවි කරන ස්ථාන යන සියඵ ආකාරයේ ස්ථානවල ගබඩා කර ඇති නැතහොත් විකිණීමට තබා ඇති සියඵම මත්පැන් තොග මත අදාළ ආරක්ෂිත සළකුණු යෙදීම සම්පූර්ණ කිරීමට කටයුතු කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මත්පැන් වෙළදපල තුළ එම ආරක්ෂිත මුද්‍රාවන් සහිත මත්පැන් බෝතල සහ කෑන් ක්‍රමානුකූලව වැඩිවෙමින් ගොස් අවසානයේ වෙළද පලෙහි ඇති සියඵම මත්පැන් තොග මත එම ආරක්ෂිත මුද්‍රාවන් දැකිය හැකි වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් විවිධ මත්පැන් නිෂ්පාදන ආයතන 70 ක් පමණ මෙන්ම මත්පැන් ආනයන කරනු ලබන ආයතන 28 ක් සම්බන්ධීකරණය කරමින් එම ආයතන මගින් ආනයනය කරනු ලබන නැතහොත් නිෂ්පාදනය කරනු ලබන මත්පැන් වර්ග සම්බන්ධයෙන් අදාළ ආරක්ෂිත මුද්‍රා යෙදීම සිදු කෙරේ.
මෙම ආරක්ෂිත මුද්‍රාවන් වර්ග දෙකකින් යුතුවේ; ආරක්ෂිත ස්ටිකර් (Foolproof Stickers) හා ආරක්ෂිත ඩිජිටල් මුද්‍රණයන් (Digital Printing) යනුවෙනි. ඒ ඒ මත්පැන් නිෂ්පාදන ආයතනයේ පවතින තාක්ෂණය හා නිෂ්පාදන ධාරිතාවය අනුව කවර ආරක්ෂිත මුද්‍රාවක් යොදාගන්නේ ද යන්න තීරණය කෙරේ.
නියමිත සුරාබදු නොගෙවන ලද, නියමිත රේගු බදු නොගෙවා ආනයනය කරන ලද හා නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් වර්ග දේශීය වෙළදපල තුලට ප්‍ර වේශවීම වැළැක්වීමත්, සුරාබදු ආදායම ආරක්ෂා කිරීමත් යන අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.