22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම චින්තක නොහාත් හරක්කටා නැමැත්තාගේ ගෝලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ

අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු

නිලධාරීන් කණ්ඩායමක් (31) තිහගොඩ පොලිස් වසමේ නාදුගල මහ විද්‍යාලය අසල දී වැටලීමක් සිදුකර ලක්ෂ පහලොවකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 08,

ග්‍රෑම් 360 ක් සන්තකයේ තබාගෙන සිටි මිදිගම, වැලිගම පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී

ඇත.
මෙම පුද්ගලයා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම චින්තක නොහාත් හරක්කටා නැමැත්තාගේ ගෝලයකු බවට කරුණු

අනාවරණය කරගෙන තිබේ.

ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා සන්තකයේ තබාගෙන පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය පරයනාලන්කුලමි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඩී.පී. මානවසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්

(31) මුරුන්කන් පොලිස් වසමේ මුරුන්කන් ග්‍රාමම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකොට ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 14, ග්‍රෑම් 925 ක්, ජංගම

දුරකථන 02 ක් සහ විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුරුන්කන්

පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කල්මුණ කඳවුරේ නිලධාරි පිරිසක් වියළි ගංජා කිලෝ එකයි, ග්‍රෑම් දෙසීයක් ප්‍රවාහනය කළ අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරි පිරිසක් කේරළ ගංජා ග්‍රෑම් විසිපහක් ළඟ තබාගෙත සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර කඳවුරේ නිලධාරි පිරිසක් රජය තහනම් කර ඇති වල් නාශක හා කෘමිනාශක වෙළෙඳාම සඳහා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. මස්කෙළිය කඳවුරේ නිලධාරි පිරිසක් කැලණි ගංඉවුරට හානි වන ලෙස බලපත්‍ර නැති වැලි කැණීම් සිදුකරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments