21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්VTA - Diamond Cutters පුද්ගලික ආයතනය ඓතිහාසික තීන්දුවකට එළඹෙයි.

VTA – Diamond Cutters පුද්ගලික ආයතනය ඓතිහාසික තීන්දුවකට එළඹෙයි.

දියමන්ති ඔප දැමීමේ ක්ෂේත්‍රය සඳහා  වෘත්තීය පුහුණු  අධ්‍යාපනයෙහි වෘත්තීය අධ්‍යපාන පාඨමාලාවක්   ශ්‍රී ලංකාව තුළ නොපවතින අවස්ථාවක නව වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයක් හඳුනා දීමේ අරමුණින් ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය හා Diamond Cutters පුද්ගලික ආයතනය හා අත්වැල් බැඳගැනීම අවබෝධතා ගිවිසුමකින් තහවුරු කිරීමේ අවස්ථාවක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් (30) උදා විය. 

දියමන්ති ඔප දැමීමේ වෘත්තීය පුහුණු පාඨමාලාවේ පාඨමාලා  කාලය මාස 9ක් වන අතර, ආයතනික පුහුණුව මාස 03ක් හා කර්මාන්ත පුහුණුව මාස 06ක් සඳහා ද වෙන් වේ. ආයතනික  පුහුණුව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඉංගිරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන අතර, කර්මාන්ත පුහුණුව පානදුර පිහිටි Diamond cutters පුද්ගලික ආයතනයේදී පැවැත්වේ. ඉංගිරිය වෘත්තීය  පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අවසන් වන තෙක් පළමු පුහුණු කණ්ඩායමෙහි ආයතනික පුහුණුව  ඩයමන්ඩ් කටර්ස් ආයතන පරිශ්‍රයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉංගිරිය  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිට ඒම ආයතන පරිශ්‍රය සඳහා දෛනික ප්‍රවාහන කටයුතු නොමිලේ ලබා දීම ද සිදු කෙරේ. 

සාර්ථකව පාඨමාලාව හැදෑරීම අවසන් කළ ආධුනිකයන්ට ඒම ආයතනය විසින් රැකියා ගත කිරීම සිදු කරන අතර, ආයතනික පුහුණු කාලය තුළ පළමු, දෙවන හා තෙවන මාස සඳහා පිළිවෙළින් රුපියල් 8000.00,12,000.00,16,000.00 බැගින් මාසික දීමනා හිමිවන අතර, ආයතික පුහුණු කාලයේදී 4,5,6 මාස 03 සඳහා රුපියල් 20000.00 බැගින් හා 7,8,9 යන මාස සඳහා රුපියල් 24,000.00 ක් ද, අවසන් පරීක්ෂණය සමත් වන සියලු ආධුනිකයන්ට 10 වන මාසයේ සිට රුපියල් 36,000.00 බැගින් මූලික වැටුපක් හිමිවේ. 

මෙම පාඨමාලාව Non NVQ පාඨමාලාවක් වන අතර පාඨමාලාව සඳහා අවශ්‍ය පුහුණු උපකරණ, පුහුණු ද්‍රව්‍ය හා පුහුණු සම්පත්දායකත්වය ඩයමන්ඩ් කටර්ස් ආයතනය මඟින් ලබා දෙන අතර පාඨමාලාව සඳහා ළමුන් බඳවා ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හරහා සිදු වේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ඩයමන්ඩ් කටර්ස් ආයතනයෙහි ඇගයීම්කරුවන්ගෙන්  සමන්විත ඇගයීම් මණ්ඩලයක් හරහා සිදු කර අවසන් ඇගයීම සමත් වන ආධුනිකයන්ට ආයතන දෙක ඒ්කාබද්ධව සහතිකයක් පිරිනමනු ලබයි. 

නව වෘත්තීය පුහුණු අත්දැකීමක් සමඟ වටිනා රැකියා අවස්ථාවක් හිමි කර දෙන මෙම මහඟු අවස්ථාව සඳහා ඒකවන්න.  

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය නියෝජනය කරමින් ගරු සභාපති එරංග බස්නායක මහතා, ඩයමන්ඩ් කටර්ස් ආයතනයෙහි කලමණාකරන අධ්‍යක්ෂ සංජේ බෙයිඩ් මහතා, සාමාන්‍යාධිකාරි මොයින් සූමර් මහතා ඇතුළු පිරිසක් ද නව පාඨමාලාවට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ද සහභාගී වූහ. වැඩසටහනින් අනතුරුව අමාත්‍යතුමිය විසින් ආයතනය තුළ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගි විය. 

ජීවිතයට හැකියාවක්…… හැකියාවට රැකියාවක්……. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments