21.6 C
Sri Lanka
Sunday, May 11, 2025
HomeUncategorizedවයස අවුරුදු 18 සම්පූර්ණ විගස ඡන්ද බලය ලබාදීම.

වයස අවුරුදු 18 සම්පූර්ණ විගස ඡන්ද බලය ලබාදීම.

2021 අංක 22 දරණ ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පන මගින් සංශෝධනය කරන ලැබු 1980 අංක 44 දරණ ඡන්දහිමි යන් ලියාපදිංචි කිරීමේ පනත අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන තැනැත්තන් සඳහා ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට පෙර පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

මෙහි ප්‍රථම අදියර ලෙස 2021 ජූනි (01) සිට මෙම (31) දක්වා කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන එනම් 2003 ජූනි මස (01) සිට 2004 ජනවාරි 31 දක්වා උපත ලැබු පුරවැසියන්ගේ තොරතුරු YC ආකෘතියට ඇතුළත් කිරීම මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ සඳහා ජාතික හැඳුනුම්පත (හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපියේ පිටපතක්) සහ උප්පැන්න සහතිකයේ පිටපතක් සමග YC ආකෘතියක් වසමේ ග්‍රාම නිලධාරි වෙත මෙම (10) දින හෝ ඊට පෙර භාරදිය යුතු වේ.

ලියාපදිංචි කිරීමට නිර්දේශ කර ඇති තැනැත්තන් කවුරුන්ද යන්න ගෘහමූලිකයාට දැන ගැනීමට සලස්වනු ලබන්නේ පරිපූරක ලැයිස්තු මගින් වන අතර එම ලැයිස්තු සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතන කාර්යාලවල සහා ග්‍රාම නිලධාරි කාර්යාලවල, පෙබරවාරි (01) දිනෙන් පසු ප්‍රදර්ශනය කරනු ලැබේ. ප්‍රදර්ශනය කරනු ලබන දිනයන් ගැසට් නිවේදනයකින් හා ප්‍රවෘත්ති පත්‍ර දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ.

පරිපූරක ලැයිස්තු පරීක්ෂා කර යම් තැනැත්තෙකු ලියාපදංචි කිරීම සඳහා නිර්දේශ කර නැති බව පෙනි යන්නේ නම් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ඇති ලිපිනය අයත්වන මැතිවරණ කොට්ඨාශයේ , දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කිරීමේ නිලධාරියා, මැතිවරණ කාර්යාලය වෙත එම තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතෙහි හෝ උප්පැන්න සහතිකයේ පිටපතක් සමග හිමිකම් ඉල්ලුම්පතක් පෙර පැවසු ලේඛන ප්‍රදර්ශන කාලය ආරම්භ කළ දින සිට දින 10ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය හිමිකම් ඉල්ලුම්පත් ඉහත කී ලේඛන ප්‍රදර්ශනය කරන කාලය තුළ සියලුම ප්‍රදර්ශන ස්ථානවලින් ලබාගත හැකි බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම්දී සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments