27.7 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්මීගොඩ ආයුර්වේද රෝහල, ජාතික රෝහලක් බවට පත්කිරීමට පියවර

මීගොඩ ආයුර්වේද රෝහල, ජාතික රෝහලක් බවට පත්කිරීමට පියවර

බස්නාහිර පළාත් සභාවට අයත් මී ගොඩ ආයුර්වේද රෝහල මධ්‍යම රජයට පවරාගෙන ජාතික ආයුර්වේද රෝහලක් බවට පත් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ රෝහල් සඳහා අවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග  කිරීම සඳහා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. රෝගීන් විශාල සංඛ්‍යාවක් සඳහා මේ වන විට ප්‍රතිකාර කිරීම පදනම් කර ගනිමින් තවදුරටත් එහි පහසුකම් හා රෝගීන් හට අවශ්‍ය සේවය වැඩි කාර්යක්ෂ්මතාවයකින් ලබා දීම සඳහා මෙතුළින් හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

විශේෂයෙන් ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙන් වූ වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමේ යෝජනාව මේ වන විට ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, එහි විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වෙන් වූ  වාට්ටු  සංකීර්ණයක් ස්ථාපිත කිරීමට තමා යෝජනා කර ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම දිවයිනේ සියලු රෝහල් සඳහා ලැබෙන උපකරණ, බෙදාහැරීම පහසු වන අයුරින් අධිවේගී මාර්ග කේන්ද්‍ර කර ගනිමින් ගබඩා කිරීමට ගබඩා පහසුකම් ඇති කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී හෝමාගම සහ වෑතර රෝහල් සඳහා අවශ්‍යව පැවති ඇඳන් සහ උපකරණ ලබා දීම සඳහා රජවැල්ලේ සුභෝති හිමියන් ගත් පියවර සම්බන්ධ කෘතඥතාවය පළ කරන ලද අතර කොවිඩ් වසංගතය හමුවේ, කොවිඩ් දෙවැනි  රැල්ල සමග රෝහල් තුල ප්‍රමාණවත් ඇඳන් නොමැති වීමේ අවදානමක් ඇති විය හැකි තත්වය තුල රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් මෙම උපකරණ බෙදා දීමේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ආශීර්වාදයක් බවත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අමරපුර ශ්‍රී ධර්මරත්න නිකායේ මාහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද හිමි  මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි, කෑරගල පද්මාවතී මහා විහාරයේ පරිවේණාධිපති සිව් නෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක, රෝහල් සේවා මණ්ඩලයේ අනුශාසක අතිපූජ්‍ය නන්දරතන නාහිමි, මෙන්ම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, වණජීවී සංරක්ණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා , දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments