27.7 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්ඇඳිරි නීතිය සමයේ විවාහ ඇතුළු සියලු උත්සව තහනම්

ඇඳිරි නීතිය සමයේ විවාහ ඇතුළු සියලු උත්සව තහනම්

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ කිසිදු උත්සවයක් සඳහා අවසර ලබාදීමක් සිදුනොකරන බවයි.

එමෙන්ම හෙට මධ්‍යම රාත්‍රියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු බස්නාහිර පළාතට අතුල්වීමට හෝ ඉන් පිටවීමට කිසිදු අයෙකුට අවසර හිමිනොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

බස්නාහිර පලාතට ඇතුල්වන අධ්වේගී මාර්ගයන් ඇතුළු සෑම ස්ථානයකම හෙට මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ පොලිස් මාර්ග බාධක යොදවන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යම් අයෙකු පිට පළාතක සිට බස්නාහිර පළාතට පැමිණෙන්නේ නම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර සිය ගමනා ගමන කටයුතු සිදුකරන ලෙස දැනුම් දී සිටියා.

ඇඳිරි නීතිය පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා සිදුකරනු පුද්ගලයන්ට පමණක් සිය රාජකාරි කටයුතු සඳහා ගමන් කිරිමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මිට අමතරව සෙනසුරාදා පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා සහභාගී වන සිසු සිසුවියන්ට සහ එම කාර්ය මණ්ඩලයට බාධාවකින් තොරව සිය කටයුතු සිදුකර ගෙන යාමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments