කොළඹ මහා නගර සභාවේ මහාසභා රැස්වීම එම සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශයද නොසළකමින් හෙට(29) සවස 2.30ට පැවැත්වීමට කටයුතු යෙදීම පිළිබඳ නාගරික මන්ත්‍රීවරු විරෝධය පා සිටිති. මෙම රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආර්.එල්.ඩි. විජයමුණි මහතා නිර්දේශ කර ඇත්තේ කොවිඩ්19 හෙවත් නවකොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ නගර සභා රැස්වීම නොපවත්වන ලෙසයි. එමෙන්ම කොළඹ නාගරික මන්ත්‍රීවරු බොහෝමයක් මට්ටක්කුලිය,කොටහේන,මෝදර,ග්‍රෑන්ඩ්පාස්,මරදාන, මාළිගාවත්ත,දෙමටගොඩ හා බොරැල්ල වැනි ඇඳිරිනීතිය දමා ඇති ප්‍රදේශවල පදිංචිව සිටින අය වෙති. එම සභාවේ මන්ත්‍රිවරු එකසිය දහනවයක් සිටින බැවින් මීටරයේ පරතරයද තබාගත නොහැකිවි ඇත. මේ කිසිදු කරුණක් සැළකිල්ලට නොගෙන මෙම රැස්වීම පවත්වන්නේ ඇයිදැයි කොළඹ නාගරික මන්ත්‍රීවරු මන්ත්‍රිවරු ප්‍රශ්න කර සිටිති. ඒ නිසා මේ රැස්වීම නවතා දමන ලෙසද ඒ පිරිස ඉල්ලා සිටිති.
කොළඹ මහා නගර සභාවේ මහාසභා රැස්වීමට නාගරික මන්ත්‍රීවරුගේ විරෝධය
RELATED ARTICLES