කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම අතින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
සුප‍්‍රසිද්ද YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ පළමු තැන ලබා සිටින්නේ චීනයය.
මෙහි සවිස්තරාත්මක වාර්තාව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙහි පළමු ස්ථාන 10 ලබා ගත් රටවල් මෙසේය.
චීනය
ශ්‍රී ලංකාව
ඝානාව
දකුණු කොරියාව
මියන්මාරය
ඕස්ට්‍රේලියාව
තායිලන්තය
නවසීලන්තය
වියට්නාමය
කාම්බෝජය
කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේදී ඉතා අසමත් රාජ්‍යයන් ලෙස එහි හඳුනාගත ඇති රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලය ඉහලින්ම වෙයි.