21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කිරිපිටි ආනයනය නැවතීමට රජයේ සුදානමක්

කිරිපිටි ආනයනය නැවතීමට රජයේ සුදානමක්

නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රි ලංකාව බවත් , ඉදිරි වසර 3 ඇතුලත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ(26) දින නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති  2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඉදිරියේදි මෙරටට කිරිපිටි ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිම රජයේ බලාපොරොත්තුව බවයි.

තවද මෙම සාකච්ඡාවේදි  අමාත්‍යවරයා කියා සිටියේ

වැඩිම ජනගහණයක් ඉන්න ප්‍රාදේශිය සභා මාර්ග මේ අවුරුදු පහේදි අපි කාපට් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

2025 වෙද්දි මාර්ග කාපට් කරලා , පානිය ජලය ලබාදෙන්න අපි කටයුතු කරනවා.

නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක වැඩ පිලිවෙලක් ගෙන්න අපි කටයුතු කරනවා.

නාවලපිටිය අලුත්ගම අපනයන කෘෂිකර්මාන්තය ආරම්භ කරනවා, මේ වැඩපිලිවෙලින් සියළු දෙනාටම උදව් කරන්න පුළුවන්.

අපේ රටේ කිරි ගන්න එල ගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි.

අපේ රටේ කිරි නිෂ්පාදනයෙන් අපි සිදු කරන්නේ 35% යි. අනිත් ඔක්කොම පිටරටින් ගෙන්නේ.

එක දවසකට ඇමරිකානු මිලියන 1 ක කිරි පිටි ගෙනවා. පිටරටවල් වලින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා.

අපි මිල්කො සමාගම සමග එකතු වෙලා ගව ගාල ආධාර , අවශ්‍යය කැම ටික , අවශ්‍යය තණකොල ටික, අවශ්‍යය සියළු දේ ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා.

ජනාධිපතිතුමාගේ බලාපොරෙත්තුව කිරි වලින් ස්වයං පෝෂිත රටක් අවු 3 ක් ඇතුලත් බිහි කරන්න.

මේ රටට කිරි ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා.

නවසිලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රි ලංකාව. යනුවෙන් පැවසිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments