21.4 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අපි ගාව සංදර්ශන නෑ - අපි ගාව ඇත්තේ සංවර්ධනයයි-විපක්ෂ නායක සජිත් දියුලපිටිය...

අපි ගාව සංදර්ශන නෑ – අපි ගාව ඇත්තේ සංවර්ධනයයි-විපක්ෂ නායක සජිත් දියුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමේ දී කියයි.

සමගි ජන බලවේගය රටට අගයක් එකතු කරන දේශපාලන පක්ෂයක් මිස, එය සංදර්ශන දේශපාලනය මත යාපන දේශපාලන පක්ෂයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව එදා සිට කිව්වෙත් අද දුවන්නෙ දුවන්නෙත් මිත්‍යාව පස්සේ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ඇතුලු පිරිස විද්‍යාත්මකව කරුණු ගෙන හැර පානවිට ආණ්ඩුව උපහාසයෙන් සිනාසුන බවද පැවසීය. Coronavirus එන්නත් රටට රැගෙන එන්නැයි කියා ආණ්ඩුවට බලපෑම් කරමින් ඉල්ලා සිටියදීත් ආණ්ඩුව කළේ මිත්‍යාවන් පිටුපස දිව යෑම බව පැවසූ විපක්ෂ නායකතුමා රටට අදත් විඳීමට සිදුව ඇත්තේ එහි හෙළ නම බවද පැවසීය.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් දිවුලපිටිය ආසන බලමණ්ඩලයේ රැස්වීම ඊයේ (04) පැවැත්විණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

සංවර්ධනයේ කොටස් ගණනාවක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, එයින් එක් කොටසක් පමණක් අල්ලාගෙන ඇතැම් විකල්ප කණ්ඩායම් සමගි ජන බලවේගය වැඩපිළිවෙළ විවේචනය කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ විවේචන කරන කිසිවෙකුත් කයිවාරු නිසා වැඩ නොකරන බවද පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments