කැළණි ගඟේ මැණික් ගරමින් සිටි
පුද්ගලයින් සිවිදෙනෙකු විශේෂ
කාර්ය බලකාය නිලධාරීන්
අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුගොඩ
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව විශේෂ කාර්ය
බලකාය අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ
උපදෙස් යටතේ මෙම සියලු
වැටලීම් සිදුකර ඇත.
කඳවුර අණදෙන නිලධාරී පොලිස්
පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක
ඇතුළු නිලධාරී කණ්ඩායමක්
(15) ඇස්වත්ත උතුර, පුවක්පිටිය
ප්‍රදේශයේ දී කැළණි ගඟේ
අනවසරයෙන් මැණික් ගරමින් සිටි
කොස්ගම, පුවක්පිටිය යන ප්‍රදේශ
වල පදිංචි වයස අවුරුදු 24, 45, 51,
52 පසුවන පුද්ගලයන් සිවිදෙනෙකු
එම භාණ්ඩ ද සමග අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන කටයුතු
සඳහා කොස්ගම පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
නීති විරෝධී ලෙස මෙරටට
ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ
තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ
කාර්ය බලකාය නිලධාරීන්
අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන
කඳවුරේ නිලධාරීන්ට ලැබුණු
තොරතුරකට අනුව කඳවුර
අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස්
පරීක්ෂක එම්.එම්.එන්.කේ.
මාරසිංහ ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් (15) ප්‍රින්සස් ගේට්
යන ස්ථානයේ දී නීති විරෝධී ලෙස
මෙරටට ගෙන්වන ලද
Manchester වර්ගයේ
දුම්වැටි 9,400 සන්තකයේ
තබාගෙන සිටි කොළඹ 12
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49
ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
කෙසෙල්වත්ත පොලිස් ස්ථානය
වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය
තවත් වැටලීම් සිදුකරමින් (15)
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 1හි නිලධාරි පිරිසක්
සිදුකළ වැටලීම් දෙකකදි අයිස්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
දෙදනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා වත්තල පොලිස්
ස්ථානයට භාරදි තිබේ. නෙල්ලිඅඩි
කඳවුරේ නිලධාරි පිරිසක්
පෙර්දුරුතුඩුව නාවික හමුදා
කඳවුරේ බුද්ධි අංශයේ
නිලධාරින්ගෙන් ලැබුණු
තොරතුරකට අනුව අයිස් මත්ද්‍රව්‍ය
ළඟ තබාගෙන ප්‍රවාහනය කරමින්
සිටි දෙදනකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත
භාරදී තිබේ. කුරුණෑගල කඳවුරේ
නිලධාරි පිරිසක් හෙරොයින්
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශනය සඳහා කරුණෑගල
පොලිස් ස්ථානය වෙත භාරදී
තිබේ.මහනුවර කඳවුරේ නිලධාරි
පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන වැඩිදුර විමර්ශන සඳහා තෙල්
දෙණිය පොලිස් ස්ථානය වෙත
භාරදි ඇත. මෙහෙයුම් ඒකකය
11හි නිලධාරි පිරිසක් කේරළ
ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා සීදුව පොලිස්
ස්ථානය වෙත භාරදී තිබේ. මස්කෙළිය කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්හන සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් හා ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි ඒකාබද්ධව කැලෑවක සඟවා තිබු පීඩන බෝම්බ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන්, ගෝඩා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා එම පොලිස් ස්ථානය වෙත භාරදි ඇත. අලුත්ගම කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි ගෝඩා තොගයක් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැලිපැන්න පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. අක්මීමන කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්මීමන පොලිස් ස්ථානයට භාරදි තිබේ. පරයනාලන්කූලම් කඳවුර් නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩු අඩවි වන කාර්යාලයට භාරදි තිබේ.
මේ අතර පුල්මුඩේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව වැලි කැණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුඹුරුපිටිය බීට්ටු අඩවි වන කාර්යාලය වෙත භාරදි ඇත. මහඔය කඳවුරේ නිලධාරින් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර නැතිව වැලි කැණීම් කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට වැඩිදුර විමර්ශන සඳහා මහඔය පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ. දෙනියයා කඳවුරේ නිලධාරි බලපත්‍ර නැති ස්ථානයකින් වැලි ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබු ටිපර් රථයක් හා අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පිටබැද්දර පොලිස් ස්ථානයට භාරදි ඇත. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් සිදුකළ වැටලීම් දෙකකදී බලපත්‍ර නැතිව රජයේ කැලෑවක අක්කර 07ක් පමණ එළපෙහෙලි කරමින් සිටි නවදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථානය වෙත භාරදි තිබේ.