21.4 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීම.

ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීම.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත්කර චාරිත්‍රානුකූලව පෙරහර ආරම්භ කිරීම (15) සන්ධ්‍යාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ගංගාරාම විහාරස්ථ දායක සභාව මෙවර පෙරහර අති උත්කර්ශවත්ව සංවිධානය කර තිබේ.

පළමුව ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කොට ඊට මල් ඉසිමින් පුෂ්පෝපහාර දැක්වීය.

පෙරහර ආරම්භයට පෙර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ ගංගාරාම පෙරහර ඉතිහාසය අළලා විශේෂ අනුශාසනාවක් පැවැත්වූහ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,බන්දුල ගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මහාභාරකාර තැන්පත් ගනේශ් ධර්මවර්ධන, දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන් හා එක්ව සිටියහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments